ඔබේ සමේ මැරුණ ශෛල කොටස් ඉවත් කරන ෆේස් මාස්ක් හතරක් (Exfoliating Masks)
Views l 2017-08-08 11:33:00 Share
 අපේ රටේ බොහොමයක් කාන්තා පාර්ශවය පැහැපත් වෙන්න නොයෙක් ආලේපන වලට සල්ලි යට කරාට ස්වභාවික දේවල් කීපෙකිනුත් කිසිම අතුරු අබාධයක් නැතුවම මුහුණේ මැරුණ ශෛල ඉවත් කරගෙන පැහැපත් වෙන්න පුලුවන්.

එකම දේ ඔබේ රුව රැක ගැනීම වෙනුවෙන් පොඩි වෙහෙසක් කැප වීමක් කිරීමට ඔබ සූදානම් විය යුතුයි.

ෆේස් මාස්ක් එකක් දාද්දි පළමුව හොඳින් මුහුණ ක්ලේන්සර් කරලා තෙත මාත්තු කර ගැනීම ගොඩක් වැදගත්. අපි නිතරම කියනවා වගේ මුහුණට වෙනම ටවල් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඇඟේ තිබෙන ඔක්කොම විෂබීජ තැවරෙන විදිහට ඇඟ පිහිදාන තුවායෙන් වැරදිලාවත් මුහුණ පිසදමන එක හොඳ නැහැ. කුරුලෑ වැනි ආසාධන ඇති වෙන්න හේතුවක්.

fb- like-beg
1) කඩල පිටි, සුදු හඳුන් කුඩු, වෙනිවැල්ගැට කුඩු මාස්ක් එක

තෙල් සහිත සමක් ඇති කෙනෙක්ට ගොඩක් උචිතයි. ඒ වගේම සමේ තිබෙන කුරුලෑ ආදියත් ඉවත් කරන්න මෙයට පුළුවන්.

    කඩල පිටි තේ හැඳි 4 යි , සුදු හඳුන් කුඩු තේ හැඳි 1 යි , වෙනිවැල්ගැට කුඩු තේ හැඳි 1 යි පීරිසියකට දමා වතුර තේ හැඳි දෙකක් පමණ යොදා අනා ගන්න.
    තද වැඩි නම් තවත් වතුර තේ හැන්දක් දමා අනා ගන්න. ඉන් පසු මේ ආලේපය මුහුණ පුරා හොඳින් තවරා දෙනෙත් පියාගෙන වේලෙන තුරු විනාඩි 20 ක් පමණ ඇඳක් උඩ හාන්සි වී සිටින්න.
    ඉවතලන තේ බෑග් දෙකක් ශීතකරණයේ තබා හෝ පිරිසිඳු වතුර පෙඟවූ පුළුන් කැබලි දෙකක් ඔබේ දෙනත මත තබා ගෙන හැකි නම් සුන්දර සංගීතයකට සවන් දෙන්න. ඔබේ මුහුණ පැහැපත් කර ගන්න අතරේ සිතත් නිදහස් වේවි.
    විනාඩි 20 කට පසු මද උණු වතුරින් හොඳින් සෝදන්න. කිසිම විටක සබන් හෝ වෙන කිසිවක් ගාල හෝදන්න එපා. නිකන් හෝදන්න. ඉන් පසු තෙත මාත්තු කරන්න.
    කුරුලෑ ආසාධන නැත්නම් පමණක් Moisturizer ක්‍රීම් එකක් ආලේප කරන්න.

ලොකු වෙනසක් පලවෙනි දවසෙම දැනේවි. මේ ප්‍රතිකාරය සතියට දෙවරක් කරන්න. ඉක්මනින් ඔබේ සම පැහැපත් වේවි.
2) ලෙමන් යුෂ සහ මී පැණි , ඕට්ස් මාස්ක් එක

සමේ අඳුරු පැහැ උඩ තට්ටුව ඉවත් කරන්න පමණක් නෙවෙයි ලාවට බ්ලීච් කිරීමටත් මේ මාස්ක් එක හේතු වෙනවා.

    ලෙමන් යුෂ, මී පැණි ( ලෙමන් වලින් ඇති කරන වියලිබව නැති කරන්න මී පැණි කියන්නේ ස්වභාවික තෙතමන කාරකයක්) සහ පිටි බවට පත් කර ගත් ඕට්ස් හැන්දක් පමණ ගෙන එකිනෙක මිශ්‍ර කරන්න.
    මුහුණ මත අලේප කර විනාඩි 20 ක් පමණ වියලෙන්නට ඉඩ දෙන්න.
    ඉන් පසු පිරිසිදු වතුරෙන් සෝදද්දී ඇඟිලි තුඩු වලින් රවුමට සම පිරිමදින්න. එවිට සමේ ඇති මැරුණ ශෛල තට්ටුවත් ඕට්ස් මාස්ක් එක එක්ක සේදිලා ඔබේ පැහැපත් සම මතු වෙනවා.

ඔබේ සම වියලි සමක් නම් ලෙමන් වෙනුවට පිපිඥඥා යුෂ යොදා ගන්න පුළුවන්. එමගින් සම වියලීම වැළකෙනවා.
3) කහ කුඩු, ලෙමන්, සුදු හඳුන් කුඩු මාස්ක් එක

තෙල් සහිත සමක් ඇති ඔබට සුදු වෙන්න කදිම මාස්ක් එකක් මේක. සම හොඳින් පිරිසිඳු වෙනවා ඒ වගේම පැහැපත් කරනවා.

    සුදු හඳුන් කුඩු හැඳි දෙකක් කහ කුඩු හැඳි භාගයක් සමග මිශ්‍ර කර ලෙමන් යුෂ සමග අනා මුහුණේ ආලේප කර පැය භාගයක් පමණ තබන්න.
    ජලයෙන් හොඳින් සෝදන්න.

මේ මාස්ක් එක සති අන්තයේ වගේ කරනවා නම් ගොඩක් හොඳයි. මොකද කහ පැහැය මුහුණේ රැඳෙනවා.
4) පැපොල් මාස්ක් එක

පැපොල් පලතුරේ තිබෙනවා පැපයින් (papain) නැමති එන්සයිමය. එමගින් මැරුණ සම ඉවත් වීම සහ අලුත් සම මතු වීම සිදු වෙනවා. ඒ වගේම මෙම පලතුර විටමින් සී බහුලව අඩංගු පළතුරක්.

    පැපොල් පොතු ගලවලා කැබලි වලට කපා ගන්න.
    බ්ලෙන්ඩර් එකේ දාල හොඳින් අඹරා ගන්න.
    සුදු පැහැ විය යුතු ස්ථාන වල හොඳින් ආලේප කරන්න.
    විනඩි 20 පමණ එහි තිබෙන්න අරින්න.
    උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

4) යෝගට් මාස්ක් එක

යෝගට් කියන්නේ අපූරු ආහාරයක්. යෝගට් කෑමත් ඔබේ සමට ගොඩක් හොඳයි. එහි ඇති හිතකර බැක්ටීරියා ඔබේ ආහාර ජීර්ණය පහසු කරවලා ඔබේ මුළු ශරීරයම නිරෝගී කරවනවා. ඒ වගේම එහි ඇති alpha-hydroxy acid සමේ මැරුණ සම මෘදු ලෙස ඉවත් කරනවා.

යෝගට් කෙලින්ම ඔබේ මුහුණේ අලේප කර විනාඩි 20 කිං මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න. මෙය පහසුයි ඒ වගේම ප්‍රතිපල දායකයි.

(under the courtesy of goodhousekeeping.lk web)
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 0773 548 548
Design and Devoloped by:
Gigies(Pvt)Ltd