සුන්දර දෙතොලක හිමිකාරියක් වෙන්න මේ දේවල් 04 කරන්න

Views l 2017-01-02 12:02:00 Share
දෙතොල කියන්නේ කාන්තාවකගේ රූමත්කමේ ප්‍රධාන අංගයක් ලෙස අතීතයේ පටන්ම සැලකුණා. මාංශ කල්යානය ලෙස  සැලකුනේ ඉදුණ කෝවක්කා ගෙඩියක් වගේ සුන්දර දෙතොලක් තිබීමයි. අපේ රටේ පවතින අධික උණුසුම, කාර්ය බහුලත්වය, වායුසමන යන්ත්‍රවලට නිරාවරණය වීම වගේ හේතු නිසා අපේ බොහෝ කාන්තාවන්ට දෙතොල අලංකාරව තබා ගැනීම ප්‍රශ්නයක් වෙලා. එහෙමනම් මේ සරල දේවල් හතර කරලා බලන්නකෝ.

    fb-like-beg

1) ජලය පානය කරන්න

වියලි, හමගිය දෙතොලක් උරුම වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ශරීරය විජලනයට ලක්වීම හෙවත් ප්‍රමාණවත් ලෙස ජලය නොමැති වීම. දෙතොල අලංකාර වෙන්න වතුර සැපයුම වැඩි කළ යුතුයි. ඔබත් AC එකේ පැය ගණනාවක් ඉන්නවා  නම් වියලි වාතය මගින් දෙතොල තවත් වියලි කරනවා. වෛද්‍යවරු නිර්දේශ කරනවා දිනකට වතුර වීදුරු 8ක් පාවිච්චි කිරීම ඉතා වැදගත් කියල.
2) වාතයේ ජල වාෂ්ප වැඩි කර ගන්න

ඔබ රාත්‍රී නින්දේදී ෆෑන් එකක් පාවිච්චි කරනවා නම් , තෙත තුවායක් හෝ වතුර බේසමක් කාමරයේ තැබීමෙන් වාතයේ ජල වාෂ්ප ඉහල දමාගන්න පුළුවන්. එමගින් ඔබේ දෙතොල සහ සම ප්‍රබෝධමත්ව තිබේවි..
3) අනාරක්ෂිතව කටුක දේශගුණයන්ට මුහුණ නොදීම

ඔබේ දෙතොල තද ඉර එලිය, සුළඟ සහ සීතට නිරාවරණය කිරීම කොහෙත්ම සුදුසු නැහැ. හැමවිටම lip balm එකක් ආලේප කිරීමට හෝ ස්කාෆ් එකකින් මුහුණ ආවරණය කර ගැනීමට මතක තබා ගන්න. තෙතමය රඳවා ගන්නට lip balm සමත් වෙනවා. එලියට යාමට පැය බාගයකට පෙර sunscreen සහ lip balm තවරා ගැනීම වැදගත් වෙනවා. ඔබ පිහිනන අවස්ථාවක නම් නැවත නැවත ආලේප කළ යුතුයි.
4) විටමින් සහ අත්‍යවශ්‍ය පෝෂක පිළිබඳව සිතන්න.

ශරීරයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය හිඟ කම දෙතොලේ වියලිබවට සහ හමයාමට හේතුවක් විය හැකියි. විටමින් B, යකඩ. මේද අම්ල සහ අනෙකුත් පෝෂක ඔබේ ආහාර වේලට අඩංගු කරගන්න. සැකයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් මත බාහිරව විටමින් ලබා ගන්න.

goodhousekeeping.lk
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd