Home / රූපලාවන්‍ය / ආතතියෙන් තොර ජීවිතයකට

ආතතියෙන් තොර ජීවිතයකට

2011-12-26 09:39:00       766
feature-top
ළචඝඔබ සොබාදහමේ අපූරුතම නිර්මාණයකි. අනෙක්‌ පුද්ගලයාට වඩා වෙනස්‌ ම කෙනෙකි. ඔබට ම අනන්‍ය රූපයක්‌ මෙන්ම ඔබටම විශේෂිත කුසලතා රුසක්‌ ඔබට ඇත. ඔබ සොබාදහම තුළ නිර්මාණය වී එහි ජීවත්වී අවසන සොබා දහම සමග මුසුවෙයි. ඔබේ සිරුර මත ඇතිවන රිදුම් දෙන තුවාලය සොබාදහමේ නීතියට අනුව මද කලකින් සුවවෙයි. ඔබේ ජීවිතය පවත්වා ගැනීමට අවැසි ආහාර සහ ජලය ද ශ්වසනය සඳහා වාතය ද ලබාදෙන්නේ සොබා දහමයි.ළරැචඝ ළචඝඔබ කෙතරම් දක්‌ෂයකු වුවත්, ධනවතකු හෝ බලවතකු වුවත් හිරු එළිය නොමැතිව ඔබට ජීවිතයක්‌ නැත. ජල බිඳුමක්‌ මිහිතලය මත සොයා ගන්නට නොමැති වුවහොත් ඔබ සතු කෝටියක්‌ ධනය හෝ කළ හැකි දෙයක්‌ නැත. එහෙත් තවමත් සොබාදහම කාරුණිකය. එය ඔබ අඳුරෙහි සිටින විට ආලෝකය ගෙනෙයි. ඔබට දාහඩිය දැනෙනවිට සුළං හමා සිසිලස සදයි. වැසි වස්‌සවා ඔබේ පිපාසය නිවයි.ළරැචඝ ළචඝඔබ සතු සියළු දෑ සොබා දහමට අයත් ය. භෞතිකව ඔබ කුමන වටිනාකම් පවත්වාගෙන ගියද සොබාදහම ඔබට ලබාදෙන දෑ හා සසඳන කල ඒවා නොවටී. ඔබේ කරදර කෙතරම් විශාල ලෙස ඔබට පෙනුනත් සොබා දහම හා සසඳන කල ඒවා ඉතා කුඩාය.ළරැචඝ ළචඝජීවිතය හා සම්බන්ධ සියලු වගකීම් දරන සොබාදහමට ඔබේ කුඩා කරදර භාර නොදෙන්නේ ඇයි? ඔබට දැනෙන්නේ ඔබ තනි වූ බවකි. ඔබේ සිත් පීඩා ඛෙදා ගන්නට ඔබට කෙනෙක්‌ නැතැයි ඔබ සිතයි. එහෙත් ඔබ දෙවරක්‌ නොසිතා මිහිතලය මත හෙලන කුණු හා අපවිත්‍ර දෑ තරම් ඔබේ ආතතිය හෝ පීඩාව අපවිත්‍ර නැත. එය සොබාදහම සතුටින් දරන්නට සූදානම් ය.ළරැචඝ ළචඝඔබේ දහදිය පිස හමන මද පවනට ඔබේ සුසුම් මුදා හරින්න. ඔබේ දුක ඔබ වෙතින් ඈතට ගෙන යනු ඇත.ළරැචඝ ළචඝසිසිල් දිය දහරක හෝ මුහුදු රළ අතර ඔබේ පීඩාව දිය කර හරින්න.ළරැචඝ ළචඝහිමිදිරියේ ලාහිරු රැස්‌ දහරට ඔබේ පුහුරු ගසන සිතුවිලි නිරාවරණය කරන්න ඒවා සැනෙකින් වාෂ්ප වී යනු ඇත.ළරැචඝ ළචඝපෙති දිගහැරෙමින් පිපෙන මල් කැකුලක්‌ තුළට එබී බලා ඒ තුළ ඔබේ දුක සඟවන්න. එය සවසට පරවි වැටෙණු ඇත්තේ නැවත දුක ඔබ වෙත එන්නට නොහැකි ලෙස සඟවාගෙන ය.ළරැචඝ ළචඝදිනකට අවම තරමින් ඔබ අඩ හෝරාවක්‌ සොබා දහම සමඟ මුසුවිය යුතුය. එය ඔබේ ගෙවුයනේ විය හැක. නැතහොත් දොළපහරක්‌ ලඟ හෝ මුහුදු වෙරළේ් විය හැක.ළරැචඝ ළචඝසතියකට වරුවක්‌ සොබා දහම සමග බද්ධවීමට ඔබ කාලය වෙන්කළ යුතුය. මාසයකට දිනක්‌ ඔබ භ්එමරු ඔයෑර්චහ සඳහා වෙන්කළ යුතුය. වෙන කිසිම හේතුවක්‌ නිසා මෙය මඟ නොහැරිය යුතු වන්නේ සුවපත් කිරීමේ බලය සොබා දහම තුළ ඇති බැවිනි.ළරැචඝ ළචඝළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »