Home / රූපලාවන්‍ය / දරුවාගේ මානසික පෝෂණය ගැනත් සිතන්න.

දරුවාගේ මානසික පෝෂණය ගැනත් සිතන්න.

2011-12-15 09:51:00       766
feature-top
ළචඝදරුවාගේ මානසික පෝෂණය ගැනත් සිතන්නළරැචඝ ළචඝදරුවන්ට අවශ්‍ය ආහාර පාන, ඇදුම් පැළදුම් ලබා දුන් පමණට ම ඔබ සියලු යුතුකම් ඉටුකරන ලද දෙමව්පියන් ලෙස තෘප්තිමත් විය හැකිද? ශාරීරික ලෙසින් ඔබ දරුවන් පෝෂණය කළ පමණටම ඔවුන්ගේ යහපත් මානසිකත්වයද ගොඩනගන්නට ලබාදෙන දායකත්වය එක හා සමාන ලෙස තුලනය වීම ඉතා ම වැදගත්. සිරුරට අවශ්‍ය පෝෂණය ලබාදී ඔවුන් කායික වශයෙන් ශක්‌තිමත් කළ ද මනසට යෝග්‍ය ආහාර ලබා දීමේදී මව්පියන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්නට නිශ්චිත ලෙසම පිළිතුරු පෙල ගැසීම එතරම් පහසු නැහැ. නමුත් දරුවන්ගේ යහපත් මානසිකත්වයට හිතකර පසුබිමක්‌ සඳහා යම්තාක්‌ දුරට පිටුබල වෙතැයි හේතු වෙන කරුණු මේ අන්දමට පෙන්වා දීමට පුළුවන්.ළරැචඝ ළචඝදරුවන්ගේ මනසට ගැළපෙන පරිසරයළරැචඝ ළචඝදරුවන් මල් සේ සියුමැලිය. ඔවුන් ඉතා සුළු දෙයින් පවා තැවුලට පත්වීමට ඉඩ ඇත. දරුවන්ගේ අපේක්‌ෂාව සුන්දරත්වයෙන් පිරුන ලොවක්‌ වන අතර ඊට අවශ්‍ය පරිසරය මව් පියන් විසින් සකසා දීම ඉතා වැදගත්ය.ළරැචඝ ළචඝපවුලක මව් පියන් අතර ගොඩ නැගෙන අඩ දබර නිසා දරුවන් නිරතුරුව කනස්‌සල්ලෙන් සිටීම මතු දිනක ඔවුන්ගේ පරාජිත මානසිකත්වයක්‌ ගොඩ නැගෙන්නට හේතුවේ. අඩ දබර කලකෝලාහල හැඩීම් වැළපීම් තුළ දරුවෙකුගේ සිතට සතුට ප්‍රීතිය දනවන පරිසරයක්‌ කිසිදු දිනක නිර්මාණය නොවනු ඇත. එවිට දරුවාගේ සිතට ඇතිවෙන පසුතැවිලි ස්‌වභාවය මගින් ඔහුට ජීවිතය ඉතාම නීරස අත්දැකීමක්‌ වනු ඇත. එවන් පරිසර තත්ත්වයක සිටින දරුවා තුළ ඇති පරාජිත මානසිකත්වය මගින් ඔවුන්ගේ සිත අසුන්දර ගති පැවතුම් මගින්ම පෝෂණය ලබනු ඇත.ළරැචඝ ළචඝදරුවන් ඇගයීමට ලක්‌ නොකිරීමළරැචඝ ළචඝවයස පරාසය තුළ ඔබ සහ දරුවන් අතර ඇත්තේ දුරස්‌ථ බවකි. මේ නිසා දරුවන් ගැන සිතිය යුත්තේ දරුවා දරුවෙකු ලෙස මිසක ඔබට සාපේක්‌ෂව නොවේ. නමුත් ඔවුන් විසින් කරන මොනයම් වූ හැකියාවක්‌ ඔබ නිගරු ලෙස හෙලා දකින විට දරුවාගේ සිතට ඇති වෙන පසුගාමී බව ඉතා දැඩි හීනමානයක්‌ වී දරුවාගේ පෞරුෂයට ප්‍රබල බලපෑමක්‌ කරනු ඇත. මේ නිසා දරුවන්ට නිතරම ඇගයීම ලබාදීම ඔවුන්ගේ අභිමානය දියුණු කිරීමට තබන ප්‍රබල පියවරක්‌ වනු ඇත.ළරැචඝ ළචඝදරුවන් බිය නොකිරීමළරැචඝ ළචඝබොහෝ මව්පියන් කුඩා දරුවන් මෙල්ල කිරීමේ ප්‍රබල උපායක්‌ ලෙස ඔවුන් බිය ගන්වනු ඇත. ගෝනි බිල්ලන්ට, විවිධ සතුන්ට දරුවන් බිය ගන්වා දරුවා ලවා තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගැනීමට එය මගක්‌ කර ගනු ඇත. මෙම බිය ජනක සිතුවිලි දරුවාගේ සිත තැන්පත් වීම නිසා මතු දිනකද ඔවුන් සමාජගත වීමේදී බියගුළු ස්‌වභාවයක්‌ දක්‌වනු ඇත.ළරැචඝ ළචඝදරුවන් නින්දාවට පත් කිරීමළරැචඝ ළචඝදරුවා ඔබගේ යටත් වැසියෙකු ලෙස සිතා නිරන්තරව ඔවුන්ට නින්දා කිරීම කිසිදු විටෙක නොකළ යුතුය. නින්දාව නිසා දරුවාට තමා පිළිබඳව වූ ආත්ම විශ්වාසය ඉබේටම බිඳ වැටෙනු ඇත. ආත්ම විශ්වාසය නොමැති දරුවෙකුට තමන්ගේ අධ්‍යනය මෙන්ම බාහිර කටයුතුවලදී දක්‌වන අවිශ්වාසය ඔවුන්ගේ චරිත සංවර්ධනයට සෘජු ලෙසම බලපානු ඇත.ළරැචඝ ළචඝවිනෝදාංශයක්‌ තිබීමළරැචඝ ළචඝදරුවනගේ අද දවස මුළුමනින් ම අධ්‍යන කටයුතු සඳහා ම සීමා විය යුතුය යන්න දෙමව්පියන්ගේ අදහසයි. අනාගතය වෙනුවෙන් වර්තමානයේදී කැපවීම අවශ්‍ය බව සැබෑය. නමුත් ඉතා ම දැඩි ලෙස නීති රීති පනවා අධ්‍යාපනයටම දරුවා සීමා කිරීම කිසිම විටෙක නොකළ යුතුය. දරුවෙක්‌ කිසියම් විනෝදාංශයක්‌ තෝරාගෙන ඇත්නම්, එහි පසුබිම පිළිබඳව සොයා බලා එයින් අනතුරුව දරුවාට අහිතකර නොවන්නේ නම් ඒ සඳහා දරුවාට උදව් ලබාදීම අවශ්‍යය. විනෝදාංශ මගින් දරුවන්ගේ සෞන්දර්යාත්මක රස වින්දනය තීව්‍ර වෙනු ඇත.ළරැචඝ ළචඝදරුවන් සමඟ වූ සමීප බවළරැචඝ ළචඝමව්පියන් දරුවන්ගේ ඉතා සමීප මිතුරන් වීම අවශ්‍යය. තමන්ගේ සමීප මිතුරා බවට මව්පියන් පත්වීම සමඟ සිත තුළ ඇතිවෙන ආත්ම ශක්‌තිය දරුවන්ගේ යහපත් මානසික තත්ත්වයට විශාල පිටුවහලක්‌ ලබා දෙනු ඇත.ළරැචඝ ළචඝමේ අන්දමට බලන විට දරුවන්ගේ මානසික ශක්‌තියට අවශ්‍ය අත්තිවාරම පිළියෙල කිරීමේ මූලික පියවර මව්පියන්ගෙන් ලැඛෙන බව අමතක නොකළ යුතුය.ළඉරඝ ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »