Home / රූපලාවන්‍ය / හිරු එළියේ අහිතකර කිරණ සමට බලපෑම් එල්ල කරන බව දන්නවාද?

හිරු එළියේ අහිතකර කිරණ සමට බලපෑම් එල්ල කරන බව දන්නවාද?

2011-12-03 11:22:00       769
feature-top
හිරු එළියේ අහිතකර කිරණ සමට බලපෑම් එල්ල කරන බව දන්නවාද? සම හිරු එළියට නිරාවරණය වීම සුදුසු නැද්ද? සම හිරු එළියට නිරාවරණය වීමෙන් වෙන්නේ සම අවපැහැ වීම විතර ද? එතකොට සන්බර්නින් ලෙස හඳුන්වන්නේ මොනවා ද? ඔබටත් මෙවැනි ප්‍රශ්න රැසක්‌ ඇති. මෙවැනි ප්‍රශ්නවලට උදව්වක්‌ වෙන්න ඒ පිළිබඳව කතා කරන්න අපි හිතුවා. අපේ රට වගේ ආසියාතික රටවල ජීවත්වන ජනතාව තමයි නිරන්තරයෙන් මෙවැනි තත්ත්වවලට ගොදුරු වෙන්නේ. මෙතනදී වෙන්නේ සම නිරන්තරයෙන් හිරු එළියට නිරාවරණය වීම තුළින් එහි අන්තර්ගත පාරජම්බුල කිරණවල බලපෑමෙන් සන්බර්න්් හෙවත් සමේ පිළිස්‌සීම ඇති වෙන්නට පටන් ගැනීමයි. මෙහිදී වෙන්නේ් හිරු එළිය තුළ අන්තර්ගත ඒ.බී.සී නමින් හඳුන්වන කිරණවලින් සමට හානි ඇතිවීමයි. මෙයින් සී නැමැති කිරණ වර්ගය සාමාන්‍යයෙන් පෘථිවිය කරා මෙතෙක්‌ පතිතව නොතිබුණත් දැන් දැන් ඇතිවී තිඛෙන ඕසෝන් ස්‌ථරයේ සිදුරු හේතුවෙන් මෙවන් කිරණ ද පොළවට ළඟාවන බවයි විශේෂඥ වාර්තාවන් පෙන්වා දෙන්නේ. මෙවන් කිරණ පෘථිවිය මත පතිත වෙන්නට ගැනීමෙන් මිනිස්‌ සම මත ස්‌පර්ශවීමෙන් සමේ පිළිකාකාරක සල වර්ධනය වෙන්නට පුළුවනි. හිරු එළියේ අඩංගු බී නැමැති කිරණ සම මත පතිතවීමෙන් සමේ සන්බර්න්ස්‌ ඇති වෙනවා. හිරු එළියේ අඩංගු ඒ නැමැති කිරණ මගින් සමේ ඇති මෙලනින් වර්ණකය නිෂ්පාදනය උත්දීපනය කරන අතර එම නිසා සම අවපැහැ ගැන්වීම වෙනවා. එම නිසා සමට හිරු ආවරණ අලේපයක්‌ ගැල්වීම ඉතා වැදගත් වෙනවා. මෙහිදී හිරු ආවරණ ආලේපයක්‌ තෝරා ගැනීමේදී ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත්වීම වැදගත්. ඔබ තෝරාගන්නා හිරු ආවරණ ආලේපයේ යූ.වී.බී (ඹඪඊ) ලෙස සටහන්වෙලා තිබේ නම් ඔබේ සම බී නැමැති පාරජම්බුල කිරණින් ආරක්‌ෂා කරන බවයි කියවෙන්නේ. මෙයින් සමේ සන්බර්නින් ඇති වෙන්නේ නැහැ. ඔබේ හිරු ආවරණ අලේපයේ යූ.වී.ඒ (ඹඪA) ලෙස සටහන්වෙලා තිබේ නම් ඔබේ සම ඒ නැමැති පාරජම්බුල කිරණින් ආරක්‍ෂා වෙනවා. එයින් ඔබේ සම අවපැහැ ගැන්වීම වැළකෙනවා. එම නිසා අපේ රට වැනි ආසියාතික තද හිරු එළියක්‌ තිඛෙන රටවල යුවතියන්, කාන්තාවන් වගේම පිරිමි පාර්ශවය පවා ෙ යාර්නස්‌ භීතිකාවේ හිමිකාරයන් වනවා වෙනුවට සමට ගැලපෙනඹඪA, ඹඪඊ අඩංගු හිරු ආවරණ අලේපයක්‌ ගැල්වීම හොඳයි. හිරු ආරක්‍ෂක සාධකය හෙවත් ීඡත‍ අගය 24 කට වඩා වැඩි අගයක්‌ හිරු ආවරණ ආලේපය තුළ තිබීම වැදගත් වෙනවා. මෙම අගය වඩාත් වැඩිවීම ඉතා හොඳයි.

(under the courtesy of goodhousekeeping.lk web)

More News »