Home / රූපලාවන්‍ය / ආතතියෙන් මිදීමට

ආතතියෙන් මිදීමට

2011-11-25 02:18:00       828
feature-top
ළචඝඔබ කෙතරම් දක්‌ෂයකු වුවත්, ධනවතකු හෝ බලවතකු වුවත් හිරු එළිය නොමැතිව ඔබට ජීවිතයක්‌ නැත. ජල බිඳුමක්‌ මිහිතලය මත සොයා ගන්නට නොමැති වුවහොත් ඔබ සතු කෝටියක්‌ ධනය හෝ කළ හැකි දෙයක්‌ නැත. එහෙත් තවමත් සොබාදහම කාරුණිකය. එය ඔබ අඳුරෙහි සිටින විට ආලෝකය ගෙනෙයි. ඔබට දාහඩිය දැනෙනවිට සුළං හමා සිසිලස සදයි. වැසි වස්‌සවා ඔබේ පිපාසය නිවයි.ළරැචඝ ළචඝඔබ සතු සියළු දෑ සොබා දහමට අයත් ය. භෞතිකව ඔබ කුමන වටිනාකම් පවත්වාගෙන ගියද සොබාදහම ඔබට ලබාදෙන දෑ හා සසඳන කල ඒවා නොවටී. ඔබේ කරදර කෙතරම් විශාල ලෙස ඔබට පෙනුනත් සොබා දහම හා සසඳන කල ඒවා ඉතා කුඩාය.ළරැචඝ ළචඝජීවිතය හා සම්බන්ධ සියලු වගකීම් දරන සොබාදහමට ඔබේ කුඩා කරදර භාර නොදෙන්නේ ඇයි? ඔබට දැනෙන්නේ ඔබ තනි වූ බවකි. ඔබේ සිත් පීඩා ඛෙදා ගන්නට ඔබට කෙනෙක්‌ නැතැයි ඔබ සිතයි. එහෙත් ඔබ දෙවරක්‌ නොසිතා මිහිතලය මත හෙලන කුණු හා අපවිත්‍ර දෑ තරම් ඔබේ ආතතිය හෝ පීඩාව අපවිත්‍ර නැත. එය සොබාදහම සතුටින් දරන්නට සූදානම් ය.ළරැචඝ ළචඝඔබේ දහදිය පිස හමන මද පවනට ඔබේ සුසුම් මුදා හරින්න. ඔබේ දුක ඔබ වෙතින් ඈතට ගෙන යනු ඇත.ළරැචඝ ළචඝසිසිල් දිය දහරක හෝ මුහුදු රළ අතර ඔබේ පීඩාව දිය කර හරින්න.ළරැචඝ ළචඝහිමිදිරියේ ලාහිරු රැස්‌ දහරට ඔබේ පුහුරු ගසන සිතුවිලි නිරාවරණය කරන්න ඒවා සැනෙකින් වාෂ්ප වී යනු ඇත.ළරැචඝ ළචඝපෙති දිගහැරෙමින් පිපෙන මල් කැකුලක්‌ තුළට එබී බලා ඒ තුළ ඔබේ දුක සඟවන්න. එය සවසට පරවි වැටෙණු ඇත්තේ නැවත දුක ඔබ වෙත එන්නට නොහැකි ලෙස සඟවාගෙන ය.ළරැචඝ ළචඝදිනකට අවම තරමින් ඔබ අඩ හෝරාවක්‌ සොබා දහම සමඟ මුසුවිය යුතුය. එය ඔබේ ගෙවුයනේ විය හැක. නැතහොත් දොළපහරක්‌ ලඟ හෝ මුහුදු වෙරළේ් විය හැක.ළරැචඝ ළචඝසතියකට වරුවක්‌ සොබා දහම සමග බද්ධවීමට ඔබ කාලය වෙන්කළ යුතුය. ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »