Home / රූපලාවන්‍ය / ළචඝරැකියාව නිසා ඔබත් මානසික පීඩනයෙන්ද?ළරැචඝ ළචඝළරැචඝ

ළචඝරැකියාව නිසා ඔබත් මානසික පීඩනයෙන්ද?ළරැචඝ ළචඝළරැචඝ

2011-11-23 10:03:00       827
feature-top
එවිට ඔබට පවනේ වේගයෙන් වැඩකිරිමට සිදුවන අවස්‌ථා නැතුවා නොවේ. බොහෝ අවස්‌ථාවලදී ඔබ සතුව ඇති කාර්ය භාරය ඒ සඳහා ලැබී ඇති කාල පරාසයට වඩා අති විශාල වේ. එවිට ඔබගේ සහයක පිරිස හා සේවා ප්‍රධානීන් අතර සුළු අමනාපකම් පවා ඇතිවීමට ඇති ඉඩ ප්‍රස්‌ථාව වැඩි වේ. එවැනි අවස්‌ථාවන්වලදී ඔබට ඇතිවන මානසික පීඩනය නිසා හිසේ කැක්‌කුම, උරහිස්‌ වේදනා හා නිදි වර්ජිත බව ආදී රෝගයන්ගෙන් පීඩා විඳිමටද ඔබට සිදුවේ. කාර්යාලයේදී ඔබට ඇතිවන මානසික පීඩනය නිසා කාර්යාලය යුද භූමියක්‌ ලෙස ඔබට හැඟෙනවා ඇත. කෙසේ නමුත් මෙම මානසික ආතතිය දුරුකරගැනීම පෞරුෂ සම්පන්න බවට වඩාත්ම වැදගත් වේ. ඔබේ මානසික ආතතියට තුඩුදෙන ප්‍රධාන සාධක ලෙස ඒකාකාරී කාර්ය රටාව අධික කාර්ය භාරය ඉතා දැඩි නිමා කාලයක්‌ පනවා තිබීම සඳහන් කළ හැකිය. ඊට අමතරව ඔබ විසින් සිදු කරන රැකියාවේ අනාරක්‌ෂිත බවද කාර්යාලය තුළ පවතින දේශපාලනික හෝ ඒකාධිපති ස්‌වභාවයද මානසික ආතතිය වැඩිකරන සාධක ලෙස හඳුන්වා දිය හැකි වේ. මෙම මානසික ආතතියෙහි ලක්‌ෂණ පහත පරිදි වේ. මෙහිදි මූලික ලක්‌ෂණය ලෙස හඳුන්වාදිය හැක්‌කේ වහා කිපෙන සුළු බවයි. මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයා අනෙක්‌ පුද්ගලයන් නොරුස්‌සන බවක්‌් දක්‌නට ලැබේ. එලෙසම එම පුද්ගලයාගේ කාර්ය සාධනය හා එම කාර්යන් කෙරෙහි ඇති කැපවීමේ අඩු බවක්‌ද නිරික්‌ෂණය කළ හැකිවේ. ඊට අමතරව යම් යම් කායික රෝගාබාධයන්ට ලක්‌වීමේ අවදානමක්‌ද මෙම මානසික පීඩනයන්ට ලක්‌වූ පුද්ගලයන්ට ඇති විය හැකිය. ඉහත සඳහන් පරිදි ඔබට ඇතිවන මෙම මානසික පීඩනය ඔබේ පෞද්ගලික දිවිය හා කාර්යාලීය ජීවිතය අවුල් සහගත තත්ත්වයකට පත් කිරිමට ප්‍ර්‍රථම එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ඔබේ කාර්යාලයේ වැඩ අධ්‍යයනයක්‌ සිදු කරගත යුතුවේ. ඉන් පසුව ඒ සඳහා මනා කාර්ය සැලැස්‌මක්‌ නිර්මාණය කරගෙන ඒ අනුව වැඩකටයුතු කිරිමද උචිත වේ. ඊට අමතරව ඔබ වෙනසකට සුදානම් වී සිටීමද මානසික ආතතිය අවම කරගැනීමට බොහෝ සෙයින් උපකාරීවේ. මෙලෙස වෙනස්‌ වීම්වලට සුදානම් වී සිටිම මෙන්ම ස්‌ව අභිප්‍රේරණයෙන් යුතුව කටයුතු කිරිමද ඔබගේ මානසික ආතතිය දුරු කිරිමට උදව් වේ. අවශ්‍ය අවස්‌ථාවේදී නිසි විවේකයක්‌ ලබා ගැනීමද යෝගී වැනි භාවනා ක්‍රම අනුගමනය කිරිම තුළින්ද ඔබට ඔබගේ මානසික ආතතිය පාලනය කරගත හැකිය. මෙලෙස නිර්මාණශීලිව හා සැලසුම් සහගතව ඔබේ වැඩකටයුතු සිදුකරගැනීම තුළින් ඔබට ප්‍රිය මනාප හා මිත්‍රශිලි සේවයක්‌ ඔබේ සේවා ප්‍රධානීන්ට හා සේවා දායකයන්ට ලබාදීමට හැකිවනු ඇත.

(under the courtesy of goodhousekeeping.lk web)

More News »