Home / රූපලාවන්‍ය / රුව රැකෙන රහස්‌

රුව රැකෙන රහස්‌

2011-11-19 11:48:00       826
feature-top
ළචඝරූපලාවන්‍ය ගැන අද කතා නොකරන කෙනෙක්‌ නැති තරම්. ඇත්තටම මේ රූපලාවන්‍ය කියන දෙය ගැන බොහෝ දෙනෙක්‌ නිසියාකාරව දන්නවාද කියන එකත් ගැටලුවක්‌.ළරැචඝ ළචඝජෙල්, මූස්‌, හෙයා ස්‌ප්‍රේ දාලා නවීන මෝස්‌තරයට හිසකෙස්‌ සකස්‌ කිරීම, මුහුණට හොඳම මේකප් එකක්‌ දැමීම, දෑත දෙපයේ නිය හැඩ කිරීම, සුවඳ විලවුන් හා ක්‍රීම්වර්ග මගින් ශරීරය සුවඳවත් කිරීම, නවීන විලාසිතාවේ ඇඳුම් පැළඳුම් වලින් සැරසීම රූපලාවන්‍ය ලෙස ඔබ සිතනවාද? එහෙම නම් ඔබ වැරදියි. මේ දේවල් පමණක්‌ රූපලාවන්‍ය කියලා අපට පිළිගන්න බෑ.ළරැචඝ ළචඝහිස්‌ මුදුනේ සිට පාදය දක්‌වාම පිරිසිදු කරගත් සිරුරේ ක්‍රමානුකූල හැඩගැන්වීමක්‌ අපි රූපලාවන්‍ය කියලා හඳුන්වනවා. එහෙම නම් ශරීර සෞඛ්‍ය ආරක්‌ෂාවන ලෙස රුව රැකගෙන, එය වැඩි දියුණු කරගැනීම රූපලාවන්‍ය ලෙස දැන් ඔබට අවබෝධ වේවි.ළරැචඝ ළචඝහිසකෙස්‌ළරැචඝ ළචඝහිසකෙස්‌ විවිධ විලාසිතාවලට සකස්‌ කිරීම අද ඉතාම ජනප්‍රියයි. එයට පෙර ඔබ හිසකෙස්‌ හොඳින් පිරිසිදු කරගැනීමත් ඉතාම වැදගත්. ශැම්පූ, කන්ඩිෂනර් දමා පිරිසිදු කළ හිසකෙස්‌ හොඳින් වියළා ගන්න. ක්‍රමානුකූලව හිසකේ සකස්‌ කරගැනීමට හැකි වන්නේ එවිටයි. හිසකෙස්‌වල තෙල් තිඛෙනවා නම් ක්‍රමානුකූලව කොණ්‌ඩය හදන්න බෑ. එවැනි හිසකෙස්‌වලට ජෙල්, මූස්‌ හෝ ස්‌ප්‍රේ භාවිත කළ නොහැකියි. මෙවැනි ද්‍රව්‍ය තැවරූ කොණ්‌ඩයක්‌ නිසියාකාරව පිරිසිදු කිරීමත් කළ යුතුයි. මෙම රසායන ද්‍රව්‍ය හිසකෙස්‌වල තිබියදීම සිටියොත් ඉන් හිසකෙස්‌වලට හානි සිදුවෙනවා. කොණ්‌ඩය ගැල වී යාම, කැඩී යාම, පැලීම වැනි දේ මෙයින් සිදු වන්න පුළුවන්.ළරැචඝ ළචඝමුහුණළරැචඝ ළචඝමේකප් කළ යුත්තේ ද පිරිසිදු කළ මුහුණ මතයි. ඒ වගේම ඒවා ඉවත් කිරීමද ඉතාම ක්‍රමානුකූලව කළ යුතුයි. නැතිනම් ඇස්‌වල, සම මත, තොල් මත ආලේපන ඉතිරි වීමෙන් විවිධ ආසාදන තත්ත්ව ඇති වෙනවා. මුහුණේ කුරුලෑ ඇතිවෙන්නත් මෙය හේතුවක්‌ වෙනවා.ළරැචඝ ළචඝනියපොතුළරැචඝ ළචඝදෑතේ හා දෙපයේ නියපොතු විවිධ වර්ණවලින් හැඩ කිරීමට බොහෝ කාන්තාවන් කැමැත්තක්‌ දක්‌වනවා. නමුත් ඒවා ඉවත් කිරීම කෙරෙහි නම් එතරම් උනන්දුවක්‌ දක්‌වන බවක්‌ පෙනෙන්නේ නැහැ. ඇතැම් අය විවිධ තියුණු උපකරණවලින් සූරලා මේවා ඉවත් කරනවා. නමුත් එයින් නියපොත්තට හානි සිදුවෙන බව හිතන්නේ නෑ. ඒ වගේම ප්‍රමිතියකින් තොර ද්‍රව්‍ය යොදා නිය ආලේපන ඉවත් කිරීමෙන්ද, ප්‍රමිතියකින් තොර නිය ආලේපන භාවිතයෙන්ද නියපොතුවලට හානි සිදුවෙනවා. නිය ආලේපන ඉවත් කිරීමේදී ප්‍රමිතියකින් යුතු නිය ආලේපන ඉවත් කරන ද්‍රව්‍ය යොදා ගෙන එය කළ යුතුයි. ඒ ක්‍රමයෙන් ඔබට ලස්‌සනට නිය පවත්වා ගැනීමට හැකිවනු ඇත.ළරැචඝ ළචඝආලේපන , විලවුන්ළරැචඝ ළචඝශරීරයේ ආලේප කරන විලවුන්, ක්‍රීම්වර්ග ගැන ඔබ හොඳ අවබෝධයකින් සිටිය යුතුයි. මේවා ආලේප කළ යුත්තේ හොඳින් පිරිසිදු කරගත් ශරීරයේ ය. නැතිනම් දහදිය සමග මිශ්‍ර වී සුවඳ වෙනුවට අප්‍රසන්න ගන්ධයක්‌ නිකුත් වීමට පුළුවන.ළරැචඝ ළචඝකොතරම් වටිනා, සුවඳ දේ ඔබ තෝරාගත්තත්, අපිරිසිදුකම, දහදිය දුගඳ නිසා ඒ සෑම දෙයකම වටිනාකම නැති වී යාවි. ඒ නිසා ඔබ, ඔබගේ පිරිසිදුකම ගැන මුලින්ම අවධානය යොමු කිරීමට මතක තබාගන්න.ළරැචඝ රූපලාවන්‍ය ශිල්පිනී • ග්‍රේස්‌ සී. ගන්කන්දළඉරඝ සැකසුම - චාමරි බණ්‌ඩාරළඉරඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »