Home / රූපලාවන්‍ය / ආතතියෙන් තොර ජීවිතයකට

ආතතියෙන් තොර ජීවිතයකට

2011-11-18 03:52:00       828
feature-top
ළචඝඅද උදැසන ඔබට නියමිත වේලාවට සේවයට යාමට බැරිවූයේ ඔබ සෑම දිනකම පැමිණෙන බස්‌රථය අද ඔබේ බස්‌ නැවතුමේ නොනැවැත්වීම නිසාය. එය සිදුවී පැය ගණනාවක්‌ ගෙවී ඇතත් ඔබ තවමත් කෝපයෙන් දැවේ.ළරැචඝ ළචඝදින කිහිපයකට පෙර ඔබට සිදු වූ පාඩුව ගැන ඔබ තවමත් ලතැවෙයි. මසකට පෙර ඔබේ සමීපතම හිතවතිය නැතහොත් හිතවතා ඔබව නොසලකා හල අයුරු දැනුත් ඔබට මැවී පෙනෙයි. ඔබ තවමත් අමනාපයෙනි. මාස දෙක තුනකට පෙර ඔබේ නොදැනුවත්කමක්‌ නිසා සේවා ස්‌ථානයේදී ඔබ ලැඡ්ජාවට පත්වූ බවක්‌ ඔබට දැනිණි. තවමත් ඔබට ඒ අපහසුතාවය දැනෙයි. ඔබේ ආදර”ය ඥතියා මිය ගියේ මීට වසරකට පෙරය. තවමත් ඔබට ඒ ශෝකය දැනෙයි. වසර කිහිපයකට පෙර ඔබ මුහුණ දුන් ඒ බිහිසුණු අත්දැකීම නිසා ඔබට තවමත් බියක්‌ දැනෙයි.ළරැචඝ ළචඝදීර්ඝ හුස්‌මක්‌ ගන්න. දීර්ඝ හුස්‌මක්‌ පිට කරන්න. දැන් මඳක්‌ විමසා බලන්න. ඔබව කනස්‌සල්ලට කෝපයට නැතහොත් ආතතියට පත්කරන ලද සිදුවීම් දහස්‌ ගණනකටත් වැඩි ගණනකට ඔබ මුහුණදී ඇතුවාට සැක නැත. ඒවායින් ඔබට භෞතිකව, කායිකව හෝ මානසිකව සිදුවූ හානි හෝ අඩුපාඩු අනන්තය. නමුත් ඒ සියල්ල යළි පියවිය හැකි ඒවා නොවෙයි. ඔබට සියල්ලටම අමු අමුවේ මුහුණදීමට සිදුවිය. දැන් ඒ සියල්ල සිදුවී දින, සති, මාස හෝ අවුරුදු ගණන් ගෙවී ඇත.ළරැචඝ ළචඝනමුත් ඒවා දිගේ දිගින් දිගටම ඔබට හානි සිදුකරමින් සිටින්නේ තවමත් ඒවා අත් නොහැර අමතක නොකර ඔබ විසින් අල්ලා ඇද බැඳ තබාගෙන ඇති නිසාය.ළරැචඝ ළචඝඔබ පමණක්‌ නොවේ බොහෝ දෙනෙක්‌ තම ජීවිත කාලය තුළ ජීවත්වන්නේ අතීතයේ සිදු වූ දේවල් සමඟ හැපෙමිණි. ජිවිතයේ අහම්බයෙන් හෝ යමකු සිතාමතා කළ දෙයක්‌ නිසා එදා සිදු වූ පාඩුව තක්‌සේරු කළ හැකි වුවත් ඒවා සමඟ සදාකාලයටම සිතින් ජීවත්වීම නිසා ඔබ සිදු කරගන්නා හානිය අසීමිතය. ඔබ නිරන්තර ආතතියකින් පෙළෙයි.ළරැචඝ ළචඝඔබ දැන් ගන්නා ආහාරය රස විඳීමට ඔබට නොහැකි වන්නේ ඊයේ කෑමවල නීරස බව ඔබ අමතක නොකර ඇති බැවිනි. ඔබට දැන් ආදරය විඳින්නට නොහැක්‌කේ ඊයේ සිදු වූ අනාදරය ගැන සිතුවිලි අත්හරින්නට නොහැකි බැවිනි. අද සිනාසීමට ඔබට නොහැකි වී ඇත්තේ පෙර දින රාත්‍රියේ කඳුළු පිසදා ගැනීමට ඔබ අකමැති බැවිනි.ළරැචඝ ළචඝමදකට නැවතෙන්න. අද අලුත් දවසක්‌යෑයි ඔබ කියුවද පරණ, වියෑළුණු, ගඳ ගසන අතීතය සමඟයි ඔබ තවමත් සැරිසරන්නේ. ආතතියෙන් තොර නිදහස්‌, ප්‍රියමනාප ජීවිතයකට පිවිසීමට නම් ඔබ මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුමය.ළරැචඝ ළචඝලසමාව දෙන්න, අමතක කරන්න, අතහරින්නල එවිට ජීවිතය කෙතරම් සුවදායකදැයි ඔබ අත්දකිනු ඇත.ළරැචඝ ළචඝසමාව දෙන්න, අමතක කරන්න, අතඅරින්නළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »