Home / රූපලාවන්‍ය / ෆෙයානස්‌ ක්‍රීම් ආලේප කරන්නට පෙළඹීම ගැන දෙවරක්‌ සිතිය යුතුයි

ෆෙයානස්‌ ක්‍රීම් ආලේප කරන්නට පෙළඹීම ගැන දෙවරක්‌ සිතිය යුතුයි

2011-11-08 10:47:00       825
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝ ළරැචඝ ළචඝළිඑරදබටඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ52ගටසෙ, අසාඑය=,220, යැසටයඑ=,220, ්කසටබ=,,රැඝළරැිඑරදබටඝළරැචඝ ළචඝපාරජම්බුල කිරණ සම මත පතිත වීමෙන් සමේ පිළිකා ඇතිවෙන්න පුළුවන්. මේ සියලු කිරණවලින් අපිව ආරක්‍ෂා කරන්නේ සමේ අඩංගු මෙලනින් වර්ණකය මගින්. ෆෙයානස්‌ ක්‍රීම්වල අඩංගු රසායන ද්‍රව්‍ය මගින් මෙලනින් වර්ණකය යම්කිසි ආකාරයකට ඉවත් කළහොත් පාරජම්බුල කිරණ නිසා සමට ඇති වන අහිතකර බලපෑම් සියල්ල ඇතිවිය හැකියි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝසමේ වර්ණක පුද්ගලයෙකුට සාපයක්‌ වෙන්නට බැහැ. අපි එය සැලකිය යුත්තේ වෙස්‌වලාගෙන ආ ආශිර්වාදයක්‌ වශයෙන්. අපට නිතැතින්ම හිමිවෙලා තියෙන කළු තලෙළු පැහැය තමයි අපිව වයසට යනව කියලා පෙනෙන එකෙන් ආරක්‍ෂා කරන්නේ. අපි දැකලා තියෙනවා සම තරමක්‌ තද පැහැයක්‌ ගන්න අය අවුරුදු තිස්‌පහක්‌ හතලිහක්‌ ගියත් ඔවුන්ගේ ඒ තරම්ම වයස පෙනෙන්නේ නැහැ. නමුත් සමේ පැහැය අඩු නම් පැහැපත් නම් අවුරුදු විසිපහ, තිස්‌පහ වනවිට සම වැහැරිලා ගිහිල්ලා සම වියපත් වෙලා ඉක්‌මනින් වයසට ගිහින් බව පෙනෙනවා. මෙලනින් වර්ණකය කෘත්‍රිම ආකාරයට ඉවත් කිරීමට යැමේදී මෙවැනි හානි අපට ඇතිවීමේ ඉඩකඩ වැඩියි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඅපි හිතමු අපේ සමේ එක්‌තරා තැනක වඩාත් කළු පැහැ ලපයක්‌ තියෙනවා කියලා. මෙවැනි තැනක කළු පැහැය එම ප්‍රදේශයෙන් ඉවත් කරලා සම සාමාන්‍ය පැහැයට ගෙනෙන්න අපට පුළුවන් වෙනවා. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක්‌ පරීක්‍ෂා කිරීමෙන් ඛෙහෙත් ලබා දෙන්න හැකියාව තිඛෙනවා. එවැනි ඛෙහෙත් පාවිච්චි කළ යුත්තේ ඉතාම ප්‍රවේශමෙන් බව කිව යුතුමයි. වෛද්‍යවරයා නිර්දේශ කළ ඛෙහෙත් ආලේප කළ යුත්තේ එම ප්‍රදේශයේ පමණයි. එවිටයි එම ප්‍රදේශයේ වර්ණ අඩු කරලා සෙසු ප්‍රදේශයේ වර්ණයට ගෙන යා හැක්‌කේ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඑවැනි අවස්‌ථාවක හැර සමේ පැහැය අඩු කරන විවිධ ආලේපන පාවිච්චි කරන්නට යැම අපි අපටම කරගන්නා විශාල හානියක්‌ බව ඔබ මොහොතකටවත් හිතන්නේ නැතුව ඇති. ආසියාතික රටවල ජනතාවටයි විශේෂයෙන්ම පැහැපත්වීමේ ආසාවක්‌ තියෙන්නේ. වෙළෙඳපොලෙන් විවිධ නම්වලින් මිලට ගන්නා ෆෙයානස්‌ ක්‍රීම් ආලේපනයෙන් ක්‍ෂණිකව පැහැපත් බවක්‌ සමට ලස්‌සනක්‌ ඇතිවෙන්න පුළුවන්. නමුත් දිගු කාලීනව ලොකු අනර්ථයක්‌ විය හැකියි. සම ආරක්‍ෂා කරගන්න, එහි තෙතමනය රැකගන්න මොයිස්‌චරයිසර් එකක්‌ භාවිත කළාට වරදක්‌ නැහැ. එහෙමත් නැත්නම් නිතර අව්වේ යන කෙනෙකුට නම් හිරු ආවරණ ආලේපනයක්‌ පාවිච්චි කරමින් සම ආරක්‍ෂා කිරීම වඩා වැදගත්. එම නිසා යුවතියන් ෆෙයානස්‌ ක්‍රීම් ආලේප කරන්නට පෙළඹීම ගැන දෙවරක්‌ සිතිය යුතුයි. හිරු එළියේ තිඛෙන අහිතකර කිරණවලින් ආරක්‍ෂාවීම ඊට වඩා වටිනා බව මතක තබා ගන්න.ළඉර රැඝ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »