Home / රූපලාවන්‍ය / සුදුපාට උපන් ලප ගැන බියවෙන්න එපා

සුදුපාට උපන් ලප ගැන බියවෙන්න එපා

2011-10-27 10:24:00       832
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළිඑරදබටඝළරැිඑරදබටඝළරැචඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ46ගටසෙ, අසාඑය=,208, යැසටයඑ=,228, ්කසටබ=,කැඓ, රැඝඋපන් ලප.. සමහරු බොහොම කැමති දෙයක්‌. මුහුණේ එහෙම පෙනුම වැඩි කරන්න උපන් ලප පිහිටනවාට වඩාත් කැමති කාන්තාවන්. කොහොම වුනත් අලුත උපන් දරුවෙකුගේ මොළකැටි සමේ උපන් ලප පැහැදිලිව බලා ගන්න පුළුවන්.ළරැචඝ ළචඝඔබ දැකලා ඇති ළදරු සමේ තියෙන බ්ලැක්‌ නීව්ස්‌ ලෙස හඳුන්වන කලුපාට උපන් ලප වර්ගය. මේවා ආකාර කිහිපයකට චර්මය තුළ දකින්නට පුළුවන්. කලුපාට කුඩා තිතක්‌ ආකාරයට, ඇතැම් විට මුළු ශරීරයේ පදාසයක හෝ විශාල ප්‍රදේශයක කලු පැහැති රෝම සහිත ආකාර යන විදිහට. මේවා කිසිදු හානියකින් තොර සම මත පිහිටා තිඛෙන දෙයක්‌. නමුත් විශාල ප්‍රදේශයක පැතිරිලා තිඛෙන විශාල උපන් ලප ජයන්ට්‌ නීව්ස්‌ ලෙස අපි හඳුන්වනවා. මෙහි තේරුම වෙන්නේ විශාල හෙවත් යෝධ යන්නයි. මෙවැනි උපන් ලප ළදරුවන්ගේ සමේ තිඛෙනවා නම් සැලකිලිමත්වීම ගොඩක්‌ හොඳයි. මෙවන් උපන් ලප අහිතකර රෝගවලට පරිවර්තනය වෙන්නට පුළුවන්.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝසම මතුපිට විශාල ප්‍රදේශයක්‌ පුරා පැතිර තිඛෙන උපන් ලප පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌ ලවා පරීක්‍ෂා කර ගන්නවා නම් හොඳයි. ප්ලාස්‌ටික්‌ ශල්‍ය කර්මයක්‌ මගින් ඒවා පියවරෙන් පියවර සමෙන් ඉවත් කරන්න පුළුවන්. මෙතනදී කරන්නේ ශරීරයේ වෙනත් තැනකින් ලබාගත් සමේ කොටස්‌ මගින් එම උපන් ලපය තිඛෙන කොටස ආවරණය කිරීමක්‌. ඊට අමතරව දැන් දැන් මෙවැනි උපන් ලප ශරීරයෙන් ඉවත් කරන්න ලේසර් ප්‍රතිකාරය භාවිත කරනවා. මෙම විශාල පරිමාණයේ උපන් ලප වර්ගය පැහැපත් සමක්‌ සහ තලෙළු සමක්‌ තිඛෙන ඕනෑම ළදරුවෙක්‌ගේ සම මතුපිට ඇතිවෙන්න පුළුවන්. මෙතනදී අපි වෛද්‍යවරයෙක්‌ හමුවෙලා පරීක්‍ෂා කරගන්න කියන්නේ මේවා ඇතැම් විට අනාගත පිළිකා බවට පත්වෙන්න පුළුවන් නිසයි. මතක තබා ගන්න මෙයින් අපි කියන්නේ නැහැ විශාල උපන් ලප තිඛෙන ඕනෑම ළදරුවෙක්‌ අනාගතයේ පිළිකාවකට ලක්‌වෙනවා කියලා. අනවශ්‍ය බියක්‌ ඇති කරගන්නත් අවශ්‍ය නැහැ. මෙවන් තත්ත්වයක්‌ ඇතිවෙන්නේ ඉතාම කලාතුරකින්.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝතවත් අවස්‌ථාවක්‌ වෙන්නේ සුදුපාට උපන් ලප සම මතුපිට පිහිටා තිබීමයි. මේවා වර්ග කිහිපයක්‌ තිඛෙනවා. එක්‌ වර්ගයක්‌ අපි එක්‌ක්‍රොවය කියලා හඳුන්වනවා. තවත් එකක්‌ නීව්ස්‌ ඇනමික්‌ස්‌ කියලා හඳුන්වනවා. මෙම එක්‌ එක්‌ උපන් ලප වර්ගයන් හඳුනාගන්න එම ලප පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌ට පුළුවනි. නමුත් සුදු උපන් ලපවලට ඛෙහෙත් හෝ ප්‍රතිකාර නැහැ. ළදරුවෙකුට සුදු උපන් ලප තිබීමෙන් ශරීරයට කිසිදු හානියක්‌ නොවන බව අපට පැහැදිලිවම කියන්න පුළුවන්. මේවා මගින් බලපෑමක්‌ ඇති කරන්නේ කෙනෙකුගේ බාහිර රූපයට පමණයි. ළදරු වයසේදී මේවා පැහැදිලිව බලාගන්න නොහැකි වුවත් පෙර පාසල් සහ පාසල් වයසේදී සමේ සුදු උපන් ලප දරුවන්ට තිබේදැයි හොඳින් පරීක්‍ෂා කර බලා ගන්නට පුළුවන්. මෙම උපන් ලප තියෙන දරුවන් අපි ළ`ගට අරගෙන ආවාම අපි කරන්නේ මෙම රෝග තත්ත්වය පිළිබඳව හොඳින් වැඩිහිටියන්ට පැහැදිලි කරලා ප්‍රතිකාර නොමැති බව සහ ප්‍රතිකාර කරන්නට යාමෙන් වන අහිතකර තත්ත්වය ගැන පහදා දෙන එක පමණයි. බොහෝ විට කළ හැක්‌කේ මෙවන් අය සමාජය තුළ උත්සව, විශේෂ අවස්‌ථාවලට යන විට සුදු උපන් ලප තිඛෙන ප්‍රදේශය පවුන්ඩේෂන් හෝ වෙනත් ආලේපන තුළින් ආවරණය කරගැනීමයි. කුඩා කාලයේ සිට ඇතිවන සුදු පැහැති උපන් ලප නිට්‌ටාවට සුව කිරීම සඳහා ප්‍රතිකාර සොයා ගැනීම තවම ලෝකය තුළ සිදු වී නැහැ. අනෙක මේවා බිය විය යුතු රෝග තත්ත්වයක්‌ නෙමෙයි.ළරැචඝ ළචඝළඉර රැඝ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »