Home / රූපලාවන්‍ය / සමේ තෙල් ගතිය අඩුවීම නිසා ඇතිවන කොරළ

සමේ තෙල් ගතිය අඩුවීම නිසා ඇතිවන කොරළ

2011-10-06 12:06:00       679
feature-top
ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැිනසබ-ජ්රු-එදචගවචට, ්කසටබ=,කැඓ, රැඝකෙනෙකුගේ සුන්දරත්වයට අව ලස්‌සනක්‌ එකතු කරන චර්ම රෝගයක්‌ වන කොරළ ගැන කතා කරලා බලමු. සමේ ඇතිවන වියළි ගතිය නිසයි අත්වල, කකුලේ, බහුලවම කොරළ ඇති වෙන්නේ. ළරැචඝ ළචඝඔබේ සමේ කොරළ තියෙනවද කියලා ඔබටම හොඳින් බලාගන්න පුළුවනි. මාළුවෙකුගේ, කිඹුලකුගේ එහෙමත් නැත්නම් කබරයෙකුගේ වගේ පංචාස්‍රාකාර, ෂඩාස්‍රාකාර හැඩතල මතුපිට දක්‌නට ලැඛෙනවා නම් ඒවා කොරළ ලෙස හඳුන්වන්න පුළුවන්. ළරැචඝ ළචඝකොරළ තත්ත්වයන් ආකාර දෙකකට හඳුනා ගන්න පුළුවනි. සමේ වියළිි ගතිය ටිකක්‌ එන්න එන්නම වැඩි වුනාම කොරළ සොබාවය ඇතිවීම සාමාන්‍ය දෙයක්‌. මෙම තත්ත්වය ෆිෂ් ස්‌කේල් ඇපියරන්ස්‌ ලෙසයි චර්ම රෝග වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ. සමේ වියළි ගතිය ඇති වෙන්න මෙතනදී බලපාන්නේ සමේ නිෂ්පාදනය වන තෙල් ප්‍රමාණය අඩුවීමයි. සම තුළ තෙල් නිෂ්පාදනය වෙන්නේ ස්‌නේහ ස්‍රාවි ග්‍රන්ථි වලයි. මෙම ග්‍රන්ථි පිහිටා ඇත්තේ සමේ තිඛෙන රෝම කූපවලට සම්බන්ධවයි. රෝම කූපය හරහා සම මතුපිටට එන තෙල් සම මතුපිට පැතිරයමින් සමතුළ ජලය රඳවා ගැනීමකුයි සිදු වෙන්නේ. ළරැචඝ ළචඝඇතැම් කෙනෙකුට උප්පත්තියෙන්ම මෙම තෙල් ස්‌ථරයේ යම් යම් අඩුපාඩු ඇතිවෙන්නට පුළුවනි. උපතින්ම තෙල් ග්‍රන්ථි අඩු සංඛ්‍යාවක්‌ සම මතුපිට පිහිටීම වගේම තෙල් ග්‍රන්ථි නොපිහිටීමත් බලපාන්න පුළුවනි. ඒ වගේම ස්‌නේහ ස්‍රාවී ග්‍රන්ථි නිසි පරිදි වැඩ නොකිරිමත් එක්‌ හේතුවක්‌ වෙන්නත් පුළුවනි.. ඇතැම් අයෙකුට මුලින් තිඛෙන සාමාන්‍ය වියළිි බව එන්න එන්නම වැඩිවන අවස්‌ථාවන් අපි දැකලත් තියෙනවා.ළරැචඝ ළචඝසම මතුපිටට ස්‍රාවය වෙන තෙල් පාලනය කරන්නේ ටෙස්‌ටෙස්‌ටරෝන් නැමති හෝමෝනය මගින් බව ඔබ දන්නවාද? සාමාන්‍යයෙන් වයස්‌ ගතවීමත් එක්‌ක මේ ලිංගික හෝමෝනය ස්‍රාවයවීම අඩුවෙනවා. ඒ නිසාත් සම මතුපිටට තෙල් ඒම අඩුවෙනවා. මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වලක්‌වාලන්න සම මතුපිටත් සමෙත් ජලය ආරක්‌ෂා කර ගන්න පියවර ගැනීම හරිම වැදගත්. ක්‌ෂරිය සබන්, පී. එච් අගය ඉහළ සබන් හෝ බොඩි වොෂ් පාවිච්චියට පුරුදුවීමෙන් තෙල් තට්‌ටුව නොදැනුවත්වම ඉවත්වෙලා යනවා. එවිටයි සම වියලෙන්නේ. මෙතනදී අනුගමනය කළ යුතු මුලින්ම පියවර වන්නේ සබන් වෙනුවට වෙනත් ආදේශකයක්‌ පාවිච්චියට පියවර ගැනීමයි. විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට වඩාත් සුදුසු වෙන්නේ පී. එච්. අගය 5.5 ට ආසන්න සබන්, බොඩි වොෂ් හෝ සේදුම් කාරක පමණයි. ඊට අමතරව බාහිරින් තෙල් තට්‌ටුව ආරක්‌ෂා කර ගන්න ක්‍රීම් වර්ගයක්‌ ආලේප කරන්නත් පුළුවනි. ඒ සඳහා සුදුසු වන ක්‍රීම් වර්ග වෙළඳ පෙලේ තියෙනවා. විශේෂයෙන්ම හයිඩ්‍රොකාබන් වලින් සමන්විත ඛෙහෙත් වර්ග සුදුසු වෙනවා. ඒ වගේම ඉමල්සි ෆයින් ඔයිල්මන්ට්‌ ජලය සමග මිශ්‍රකරලා හදපු ලඑක්‌විස්‌ල ආලේපය සුදුසුයි. ඒ වගේම සාමාන්‍ය වියළි ගතියක්‌ නම් ඕනෑම තෙල් ගතිය තියෙන මොයිස්‌චර් ක්‍රීම් වර්ගයක්‌ සුදුසු වෙනවා. ළරැචඝ ළචඝහොදින් වතුර බීමත්, සියයට දහයේ යූරියා ක්‍රීම් පාවිච්චියත් සාමාන්‍ය වියළිි කොරළ තත්ත්වය පාලනයට සුදුසුයි. ළරැචඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »