Home / රූපලාවන්‍ය / පෙනුම අවලස්‌සන කරන අළුහම් ගැන නොදන්නා දේ

පෙනුම අවලස්‌සන කරන අළුහම් ගැන නොදන්නා දේ

2011-10-04 11:52:00       676
feature-top
ළාසඩ සා=,දෙබඑ,ඝ ළචඝළසපට ිරජ=,යඑඑචථරැරැජාබගඑය්රමබ්හ්ගජදගමනරැඉැ්මඑහරැ35ගටසෙ, අසාඑය=,200, යැසටයඑ=,250, ්කසටබ=,,රැඝළරැචඝ ළචඝඅළුහම් කියන්නේ බොහෝ දෙනෙක්‌ අසා ඇති, දැක ඇති සමාජය තුළ බහුල චර්ම රෝගයක්‌. මෙය හඳුනාගැනීම ඉතා වැදගත්. කොහොමද අළුහම් හඳුනා ගන්නේ. මෙය චර්ම රෝගයක්‌ද? මෙය වළක්‌වා ගන්න යම්කිසි ප්‍රතිකාර තිඛෙනවාද? මේ ප්‍රශ්න තමයි අළුහම්වලින් පීඩා විඳින රෝගින්ට තියෙන්නේ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඅළුහම් ඇති වෙන්නේ මැලේසියා සර්සර් කියන දිලීරය මගින්. මෙය චර්මයේ මතුපිට ස්‌ථරය තුළයි ආසාදනයන් ඇති කරන්නේ. මෙම රෝගය බෝවෙනවා. ඉතාමත් කිට්‌ටු ඇසුර මගින් පවා අළුහම් තියෙන කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්න පුළුවන්.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඅළුහම් දිලීරයකින් හැදෙන නිසා එය බීජානු මගින් බෝවීමකුයි වෙන්නේ. අළුහම් මගින් සමට කිසිදු හානියක්‌ ඇති නොවුනත් පෙනුමට එකතු කරන්නේ අවලස්‌සනක්‌.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝපිටරියා ඇසි වර්සි කලෝ යන විද්‍යාත්මක නමින් හඳුන්වන අළුහම් සුදු, දුඹුරු, කලු ලප ලෙස හඳුනා ගන්න පුළුවනි. ඇතැම් අළුහම් වර්ගවලින් සුදුපාට කුඩක්‌ ගැලවී යනවා ඔබටත් දැක ගන්න පුළුවන් වේවි. මතුපිට ගල්වන ආලේපයන් ම`ගින් මේවා නිට්‌ටාවට සුව කරන්න පුළුවනි. නමුත් සමේ බහුල ලෙස අළුහම් තියෙන කෙනෙකුට නම් ඖෂධ ලබාදීමෙන් ප්‍රතිකාර ලබාදෙන්න පුළුවනි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝනිවසේ ජීවත්වන එක්‌ සාමාජිකයෙක්‌ට අළුහම් ආසාදන තිඛෙනවා නම් ඔහුගේ පෞද්ගලික පිරිසිදුකම ආරක්‌ෂා කර ගැනීම වැදගත්. විශේෂයෙන්ම පනාව, තුවාය, ඇඳ ඇතිරිලි, කොට්‌ට, ඇඳුම් පවා වෙනමම පාවිච්චි කරනවා නම් ගොඩක්‌ හොඳයි. මෙසේ කිරීම තුළින් පවුලේ සාමාජිකයන් අතර රෝගය පැතිරයාම වළක්‌වා ගන්න පුළුවනි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝනමුත් අපි සාමාන්‍ය ජීවිතයේදී පුරුදුවෙලා ඉන්නේ අළුහම් ගණන් නොගෙන ඉන්න. තවත් දෙයක්‌ ගෙදර එක්‌කෙනෙක්‌ අළුහම්වලට ප්‍රතිකාර ගත්තොත් එහි ඉතිරි ආලේපන වර්ග තවත් කෙනෙකු මෙම ආසාදනයට ගොදුරු වූ විට වෛද්‍ය උපදෙස්‌වලින් තොරව භාවිත කරන්නට පුරුදුවීම. මේක නම් අනුමත කළ හැකි තත්ත්වයක්‌ නෙමෙයි. ඇතැම්විට මේවා අළුහම් නොවුනොත්, අළුහම්ලෙසින් දිස්‌වන වෙනත් රෝගයක්‌ පිග්මන්ටේෂන් තත්ත්වයක්‌ වුනොත් මොකද වෙන්නේ. තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්. රෝග විනිශ්චයකින් පසුවයි වෛද්‍යවරයා හරිහැටි අළුහම්වලට ප්‍රතිකාර නියම කරන්නේ.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝඇතැම් අය මිඩ් ලයින් හයිපෝ පිග්මන්ටේෂන් තමයි අළුහම් කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා අපේ ළගට එන්නේ. නමුත් පළපුරුදු චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌ට පමණයි නිසිලෙස රෝග විනිශ්චයක්‌ කරලා හයිපෝ පිග්මන්ටේෂන් තත්ත්වය හඳුනාගන්න හැකියාව ලැඛෙන්නේ ඇතැම් අළුහම් වර්ග ප්‍රතිකාර නොකළත් කලක්‌ යනවිට සමෙන් ඉවත්වෙලා යනවා. මෙතනදී වැදගත් වෙන්නේ අළුහම් කියන චර්ම රෝග තත්ත්වය හරිහැටි හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමත් මෙම චර්ම රෝගය නිට්‌ටාවට සුව කළ හැකිවීමත් පමණයි.ළරැචඝ ළචඝ ළරැචඝ ළචඝචර්ම රෝග විශේෂඥ වෛද්‍යළඉර රැඝ අසෝක කමලදාසළඉර රැඝ සාකච්ඡා කළා - හරින්දි ලියනගේ ළරැචඝ ළරැාසඩඝ

(under the courtesy of goodhousekeeping.lk web)

More News »