Home / රූපලාවන්‍ය / පොකුරු වද මල් හිස කෙස්‌වලට හොඳ ප්‍රතිකාරයක්‌

පොකුරු වද මල් හිස කෙස්‌වලට හොඳ ප්‍රතිකාරයක්‌

2011-10-03 11:20:00       693
feature-top
අකලට හිස කෙස්‌ සුදුවීම ගැන කතා කරනවා නම්, ඒ සඳහා ස්‌වභාවික ප්‍රතිකාරයක්‌ තිඛෙනවාද? පොකුරු වද මල් යුෂ ගෙන එයට ඔලිව් තෙල් ටිකක්‌ මිශ්‍ර කරන්න. එයටම දෙහි බිංදු කිහිපයක්‌ දමා අව්වේ කකාරා එම යුෂය හිස ගල්වන්න. විනාඩි 45 න් පමණ පසු හිස සෝදා දමන්න. ශැම්පු පාවිච්චි නොකර හිස සෝදන්න. හිසකෙස්‌වල ස්‌වභාවය අනුව ප්‍රතිඵල ලැබීමේ කාලය අඩු - වැඩි විය හැකි අතර, දිගටම මෙම ප්‍රතිකාරය කරන්න. සතියකට වරක්‌ ප්‍රමාණවත්ය. එහෙත් අධික සෙම් ගතියකින් යුතු අයට මෙම ප්‍රතිකාරය සුදුසු නැත. හිස කෙස්‌ කළු පැහැ ගැන්වේ.. හිසකෙස්‌ අග පැලෙනවා නම්, බිත්තරයකට ඔලිව් තෙල් ටිකක්‌ මිශ්‍ර කර සාදාගත් තලපය හිස්‌ කබලේ හොඳින් තවරා විනාඩි 20 කට පසු උණුසුම් තුවායක්‌ (උතුරණ වතුරේ පොගවා ගත්) හිසෙහි දවටා මද වේලාවක්‌ ඉන්න. ඉන්පසු හොඳින් හිස සෝදන්න. මේ මගින් හිස්‌ කබලට පෝෂණය ලැඛෙන අතර, හිසකෙස්‌ අග පැලීම වළකිනු ඇත.

(under the courtesy of goodhousekeeping.lk web)

More News »