Home / රූපලාවන්‍ය / සුන්දර පැහැපත් සමක රහස ‘කුංකුම’

සුන්දර පැහැපත් සමක රහස ‘කුංකුම’

2020-04-17 09:17:00       834
feature-top
හැඩට වැඩට වගේම කාගෙත් නෙත් සිත් ආකර්ෂණය වෙන විදිහේ ලස්සනක් ලබාගන්න කාන්තාවන් ඉතාමත් කැමැතියි. විශේෂයෙන්ම ලස්සන කිව්වට මුලින්ම මතක් වෙන්නේ සමේ පැහැයයි. සමේ අවපැහැය නැති කරන්න වගේම සම ලප කැළැල්වලින් තොරව තියාගන්නත් කොයි කවුරුත් එක වගේ කැමැතියි.

යුවතියන් බහුතරයක් බාහිර ආලේපනවලින් ලබාගන්නා තාවකාලික පැහැපත් බව නිසා මුහුණේ තියෙන ස්වාභාවික ලස්සනත් නැතිකර ගන්නවා.

ඉතින් මේ තාවකාලික ලස්සනට වඩා කිසිදු අතුරු ආබාධයක් නොමැතිව ස්වාභාවික ආකාරයට දිගු කාලීන ලස්සනක් ලබාගන්න කුංකුම මඟින් හැකියාව ලැබෙනවා.ඉන්දියානු කාන්තාවන්ගේ රුව රකින රහස් ගැන කතා කරනවිට කුංකුම රේණු ගැන කතා නොකරම බැහැ.

කුංකුම භාවිතය නිසා ඔවුන්ගේ සිරුරු දීප්තිමත් පැහැයෙන් බැබළෙනවා. මේ සත්කාර අදටත් ගැළපෙන සත්කාර වීම නොරහසක්. සමේ ඇති වෙන කළු ලප, අඳුර තැන් පැහැපත් කරනවා වගේම සමේ තෙතමනයත් ආරක්ෂා වෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් කුංකුම විවිධාකාරයෙනන් යොදාගත්තා.

කුංකුම සියවස් ගණනාවක සිට ප්‍රධාන කුළුබඩුවක්, සුවඳ ද්‍රව්‍යයක්, සායම් ද්‍රව්‍යයක් සහ ඖෂධීය ද්‍රව්‍යයක් ලෙස ප්‍රචලිතයි. මෙය ලොව මිල අධිකම කුළු බඩු අතුරින් එකකි. කුංකුම හෙවත් සැෆ්රන් යනු ඉතා කුඩා පැළෑටියකි. එහි පිපෙන දම් පැහැ මල්වල කලංකයේ රේණුවලින් කුංකුම සාදයි.

සම පැහැපත් කරන රූපලාවණ්‍ය ඔසු අතර කුංකුම ප්‍රධාන තැනක් ගනී. සම මතුපිට ඇති අක්‍රීය සෛල ඉවත් කිරීමට, සම සුසිනිඳු කිරීමට හා රුධිර ශෝධනයට ඇති හැකියාව වැනි ගුණවලට අමතරව කුංකුම ප්‍රතිඔක්සිකාරයකි. එනම් වයස්ගත වීම වළකන නියෝජිතයකු වැනි සෞඛ්‍යමය වාසි රැසක් ගෙන දෙයි.

ඔබට නිවෙසේදීම අතුරු ආබාධවලින් තොරව ස්වාභාවිකව රුව වඩා ගත හැකියි.

දීප්තිමත් සමකට

කිරි මේස හැඳි දෙකකට කුංකුම රේණු 7-8 ක් පමණ එක්කර ආලේපයක් ලෙසින් හොඳින් අඹරා සකසාගත් ආලේපය මුහුණ, දෑත් සහ දෙපාවල ආලේපකර මිනිත්තු විස්සකින් සෝදාහරින්න. සතියකට දෙවරක් පමණ මෙම ප්‍රතිකාරය කිරීම මඟින් සම පිරිසුදු වී එහි ඇති අඳුරු පැහැය ඉවත්වී සම දීප්තිමත් වේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »