Home / රූපලාවන්‍ය / වයස පසු කරද්දී රුව ගැනත් හිතන්න

වයස පසු කරද්දී රුව ගැනත් හිතන්න

2019-06-26 10:29:00       731
feature-top
කාන්තාවකගේ රුව ඉක්මණට ම වියපත් වෙන්න පටන් ගන්නවා. ඒ ඇගේ ජීවිතේ සිදුවන යම් යම් වෙනස්කම් නිසා. විශේෂයෙන් දරුවන් ලද පසු බොහෝ කාන්තාවන් තමාව අත්හරිනවා. ඉන්පසු ඇය කාලයත්, මහන්සියත් කැප කරන්නේ පවුලේ වැඩ කටයුතු වෙනුවෙන්මයි. මේ වෙහෙස නිසා වයසට වඩා වැඩි පෙනුමක් ඇයගෙන් ඉස්මතු වෙනවා.
 

වයස ගත වෙද්දී කාන්තා සම වේගයෙන් වියපත් වීමට පටන් ගන්නවා. මල්වර විමත් සමඟ හෝමෝන ක්‍රියාකාරිත්වය ඉක්මනින් ම සිදුවන නිසා මේ තත්ත්වය ඇති වෙනවා.

සම රැළි වැටීම.. අඳුරු පෙනුම.. හිසකෙස් සුදුවීම.. ඇස් යට කළු වීම ඇති වන්නෙ මේ හේතුව නිසයි.

ඔබ ඔබගේ ලස්සන ගැන හිතනවා නම් මේ ගැන බුද්ධිමත්ව සිතීම වැදගත්. ආලේප කරන ක්‍රීම් වර්ග ඉතාමත් පරිස්සමට තෝරාගත යුතුයි. ෆෙයානස් ක්‍රීම් වලට වඩා විටමින් අඩංගු ක්‍රීම් එකක් පාවිච්චි කිරීම හොඳයි. රාත්‍රියට නයිට් ක්‍රීම් එකකුත් ඔබ පාවිච්චි කළ යුතුයි. මොකද රාත්‍රී පෝෂණය සමට ඉතාමත් හොඳින් සිදුවන නිසා.

ඔබේ සම වියළි නම්

ක්ලෙන්සර් එකකින් මුහුණ සේදීම, සමට හිතකර ස්ක්‍රබ් එකක් සතියකට වතාවක් පාවිච්චි කිරීම හා මාසයකට වතාවක් පැක් එකක් මුහුණට දැමීම ඉතාම හොඳයි. වියළි සමක් ඇති කාන්තාවන් වායු සමීකරණ හා විදුලිපංකා යට ඉන්නාවිට මොයිස්චරයිසින් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න.
වියළි සමට ස්වාභාවික සත්කාරයක්

පැණි කොමඩු බෑවක් ගෙන ඇට ඉවත්කර තලපයක් සේ එය ‍හොඳින් පොඩි කර ලෙමන් යුෂ ස්වල්පයක් දමා මුහුණේ - බෙල්ලේ ආලේප කර විනාඩි 25කට පසු මුහුණ යාන්තම් සෝදා දමන්න.
විටමින් සත්කාරය

විටමින් කරලක් කඩා මුහුණේ ගෑම හා හිසටත් විටමින් E කරලක් කඩා හිසේ මසාජ් එකක් කිරීම වියපත් වෙන රුවෙහි තරුණකම රැක ගැනීමට ඉවහල් වෙනවා. විශේෂයෙන් ම අද වෙළෙදපොළේ විටමින් පෙති වර්ග ඇත. වියපත් වන විට සම රැකගැන්ම සඳහා සිරුර තුළට යම් යම් පෙති ගිල දැමීම අනුමත කරන්න බෑ. සමහරවිට තරුණකම රැක ගැනීම කෙසේ වෙතත් අතුරු ආබාධ ඇතිවන්නට ඉඩකඩ ඇතිවිය හැකිය. නිසි පෝෂණ ගුණය පෙති මඟින් නොව කන - බොන ආහාරවලින් ලබාගැනීමයි වඩා සුදුසු වන්නේ.
සම අවලස්සන කරන රුව ඉක්මනින්ම වියපත් කරන කඩ කෑම

පුළුවන් තරම් නොකාම හිටියොත් තමා හොඳ. කාලය සමඟ විසිපහ, තිහ, තිස්පහ පහුකරද්දී තෙල් හා පිටි ආහාර අ‍ඩුම කරන්න. පුළුවන් නම් නොගෙනම ඉන්න. එය වඩා හොඳයි. අද ලේසියත් පහසුවත් ගැන හිතලා බොහෝ කාන්තාවන් කෙටි කෑම ආහාරයට ගන්නවා. පැණි බීම බොනවා. සම අවලස්සන කරන - වියපත් පෙනුම ඇති කරන්නට ප්‍රධාන හේතුව මෙයයි. කඩ කෑම අත් හැර එළවළු ටිකක් පලා ටිකක් ගෙදර පිළියෙල කරගන්න. අස්ථි සඳහා ලොකු සුදු කිරි වීදුරුවක් අරගන්න.
නෙල්ලි සත්කාරය ඉතාම හොඳයි

අපි වයසට යනවිට එය ටිකක් හෝ වළක්වාලිය හැකි එකම පලතුර නෙල්ලි.ඇ‍ඟේ ලේ පිරිසුදු කර රුව ලස්සන ඇති කරනවා.

නෙල්ලි අහුරක් ගෙන සෝදා ඇටය ඉවත් කරන්න. හොඳට පොඩිකර තලපයක්ව සාදා මුහුණේ ගා විනාඩි 30කට පසු සෝදා ඉවත් කරන්න. එය සම තරුණ කරන ගුණදායි පැක් එකක්. නෙල්ලි ඇට පොඩි කර වතුර වීදුරුවකට දමා පසුදා උදේ හිසබඩ පෙරා බොන්න. ඔබට හතළිහ නම් 25 වාගේ ඉන්න පුළුවන්.

ලෙමන් පවුලේ පැගිරි යුෂ වීදුරුවක් හදාගෙන බීම, මුංඇට තැම්බූ වතුර බීම, බත් ප්‍රමාණය අඩු කර වැඩිපුර එළවළු, පලා ආහාරයට ගැනීම සුප් හදා නිතර බීම ඉතාම හොඳයි. මතක තබාගන්න කහ පාට හා කොළපාට ආහාරම ආහාරයට එකතු කරගන්න. සන්සුන් මනසත්.. නිවැරැදි පැවැත්මත් රුවට බලපානවාමයි.

More News »