Home / රූපලාවන්‍ය / සම රැළි වැටීම වළකා කුරුළෑ අඩු කරවන හිසකෙස් වර්ධනය කරන කැරට් යුෂ පානයේ වටිනා ප්‍රතිලාභ

සම රැළි වැටීම වළකා කුරුළෑ අඩු කරවන හිසකෙස් වර්ධනය කරන කැරට් යුෂ පානයේ වටිනා ප්‍රතිලාභ

2019-01-18 11:26:00       120
feature-top
කැරට් කියන්නේ අපට ඉතාමත් පහසුවෙන් සොයාගත හැකි එළවළුවක්. කැරට් විටමින් A වලින් අනූන වන අතර අපේ ශරීරයේ නීරෝගීභාවයට හා සම පැහැපත් වීමට බොහෝ ලෙසින් දායකවන එළවළුවක්. මේ ලිපියෙන් කියවෙන්නේ කැරට් යුෂ පානය කිරිමෙන් අපට ලැබෙන බොහෝ වටිනා ප්‍රතිලාභ කිහිපයක්.

හිසකෙස් වර්ධනය සඳහා – හිසකෙස් වලට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වන විටමින් C හා E අන්තර්ගත කැරට් හිසකෙස් පැසීම වළක්වනවා සේම රැධිර සංසරණය ක්‍රමවත් වීමටද උපකාරී වෙනවා. සමේ තෙතමනය රැක ගැනීම සඳහා – සම වියළීම සිදුවන්නේ පොටෑසියම් අඩු වූ විටයි. කැරට් යුෂ මඟින් පොටෑසියම් ලැබෙන බැවින් එය සමේ තෙතමනය නැවත ලබා ගැනීමට උපකාරී වෙනවා.

සම රැළි වැටීම වළකා ගැනීම සඳහා – කැරට් යුෂ සමේ ඇදෙනසුළු බව රැකදෙමින් සම එල්ලා වැටීම හා රැළි වැටීම යන වයස්ගත වීමේ දී ඇති වන තත්වයන් අවම කර ගැනීමට උපකාරී වෙනවා. කුරුළෑ අඩු කරගැනීම සඳහා – කැරට් වල ඇති විටමින් A කුරුළෑ සඳහා වටිනා ප්‍රතිකාරයකි. ශරීරයේ විෂ ඉවත් කිරීමටද උපකාරී වෙනවා.

ශරීරයේ උෂ්ණාධික ස්වභාවය අඩුකර ගැනීම සඳහා – කැරට් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මඟින් ශරීරයේ ඇති උෂ්ණ ස්වභාවය නිසා හටගන්නා රෝගයන් වන දැවිල්ල, තුවාල හා කුෂ්ඨ සුව කිරීමට උපකාරී වේ. වයස්ගත වීම ප්‍රමාද කරයි – කැරට් වල ඇති beta carotenoids මඟින් සෛල මිය යාම අවම කොට වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කර දේ. හිරු කිරණින් වන පිළිස්සීම් අවම කරවයි – කැරට් වල ඇති beta carotenoids මඟින් හිරු කිරණින් වන පිළිස්සීම් සුව කර දේ.

(under the courtesy of sithmalyaya.com web)

More News »