Home / රූපලාවන්‍ය / මුහුණේ කුරුලෑ ඇති වන ස්ථානය අනුව පෙන්නුම් කරන සෞඛ්‍ය ගැටළු මෙන්න

මුහුණේ කුරුලෑ ඇති වන ස්ථානය අනුව පෙන්නුම් කරන සෞඛ්‍ය ගැටළු මෙන්න

2019-01-07 08:07:00       568
feature-top
කුරුලෑවක් ඇති වූ සැනින් බොහෝ දෙනා තමාගේ රුව පිළිබඳව කණගාටුවට පත්වී හැකි අයුරින් කුරුලෑව ඉක්මණින් සුව කර ගැනීමට පෙළඹෙනවා. නමුත් කුරුලෑවක් මුහුණේ ඇතිවන ස්ථානය අනුවශරීරයේ අවයව පිළිබඳ කියවෙන දෑ පිළිබඳ ඔබ මීට පෙර අසා තිබෙනවාද?

අද අපි මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ මුහුණේ කුරුලෑවක් ඇතිවන ස්ථානය අනුව ශරීරයේ අවයව වල සෞඛ්‍ය තත්වයයි.

කම්මුල – බැක්ටීරියාවන් ඒකරාශී වීම නිසා මෙම තත්වය ඇතිවනවා. කුණු දුහුවිලි පිරුණු දෑත් මගින් සම ස්පර්ශ කිරීම සහ දුම්පානය නිසාත් කම්මුල් මත කුරුලෑ ඇති වනවා.

T-zone – රුධිර සංසරණය මන්දගාමී වීම, අධි මාත්‍ර ලෙස කැෆේන් ශරීරගත වීම ඇල්කොහොල් පානය සහ මානසික ආතතිය මෙමගින් පෙන්නුම් කරනවා.

හක්ක, නිකට හෝ බෙල්ල – සැකසූ සීනි සහිත ආහාර වැඩි ලෙස පරිභෝජනය, හෝමෝන අසමතුලිතතාවය, “Candida” ආසාදන.

ඇහිබැමි අතර කුරුලෑ ඇතිවීම – අක්මාවේ ගැටළුවක්
මස් වැඩි ලෙස ආහාරයට ගැනීම, දුම්පානය කිරීම හෝ ඇල්කොහොල් වැඩි වශයෙන් පානය කිරීම මෙම තත්වය ඇතිවීම කෙරෙහි බලපානවා.
මෙවන් අහිතකර හුරු පුරුදු මගින් ඔබේ අක්මාව සදාකාලිකවම රෝගී බවට පත් කරන අතර වැඩි වශයෙන් පළතුරු සහ එළවලු ආහාරයට ගෙන දිනපතා ව්‍යායාම සිදු කර දිනකට අවම වශයෙන් පැය හතක නින්දක් ලබා ගන්න.
 
නළල – මුත්‍රාශය හෝ කුඩා බඩවැල
මේදය අධික සැකසූ ආහාර පරිභෝජනය කිරීම නිසාත් අධික ලෙස ආතතියට පත්වීම මෙන්ම ඇල්කොහොල් අධික ලෙස පානය කිරීම නිසාත් මෙම තත්වය ඇතිවී විජලනය, ආහාර ජීර්ණය අක්‍රමවත්විම සහ විෂ සහිත සංඝටකයන් ශරීරයේ තම්පත්විම වැනි සෞඛ්‍යය ගැටළු ඇති වනවා. මෙම තත්වය වලක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය (දිනකට ජලය වීදුරු 10-12) පානය කිරීම සහ ඇල්කොහොල් පානය කිරීම අතහැර දැමීම සහ යෝගා වැනි ව්‍යායාම සිදු කර ආතතිය දුරු කිරීම සිදු කරන්නට පුළුවන්.
 
ඇහිබැම සහ ඇස අවට – වකුගඩු
විජලනය සහ මන්දපෝෂණ තත්වයන් නිසා ඇහිබැම සහ ඇස අවට කුරුලෑ ඇති වනවා. අධික ලෙස දුම්පානය සහ ඇල්කොහොල් පානය කිරීම, හදවතේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම, රුධිර සංසරණය මන්දගාමී වීම වැනි කරුණු මේ සඳහා ප්‍රධාන ලෙස බලපාන අතර වැඩි වශයෙන් ජලය පානය කිරීම ඇල්කොහොල් සහ කැෆේන් වලින් ඉවත්වීම වැනි දෑ සිදු කිරීම මේ සඳහා සුවදායක වනවා.
 
කම්මුල් – පෙනහළු සහ අක්මාව
කම්මුල් මත කුරුලෑ ඇති වනවා නම් ඔබ මුඛ සෞඛ්‍යය පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතු වනවා. සීනි අධික ආහාර සහ පාන වලින් ඉවත්වී දිනපතා හොඳින් දත් මැදීම සිදු කර මුඛ සෞඛ්‍යය ආරක්ෂා කර ගන්න. සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවට අනුව වම් කම්මුල අක්මාවටත් දකුණු කම්මුල පෙනහල්ලටත් සම්බන්ධ වනවා.
 
නාසය – හදවත
නාසය හදවත සමග සම්බන්ධ වන අතර නාසයේ කුරුලෑ ඇතිවීම මගින් අධික ලෙස ලුණු ආහාරයට ගැනීම පෙන්නුම් කරනවා. අධි රුධිර පීඩනය සහ හදවත සම්බන්ධ වන වෙනත් සෞඛ්‍යය ගැටළු මෙමගින් නිරූපණය වන අතර මෙම තත්වය මගහරවා ගැනීමට එළවලු, පළතුරු සහ ඇට වර්ග පරිභෝජනය කර ලුණු සහ මිරිස් අධික ආහාර වලින් වැලකී දිනපතා ව්‍යායාම කිරීම සුදුසු වනවා.
 
මුඛය සහ නිකට – උදරය
ඔබේ මුඛයේ සහ නිකටේ කුරුලෑ ඇති වනවා නම් සීනි සහ මේදය අධික ආහාර පරිභෝජනයෙන් වැලකී ඇල්කොහොල් පානය කිරීමෙන්ද වැලකී සිට යෝගට් වැනි පැසවන ලද ආහාර පරිභෝජනය කරන්න.
 
හක්ක සහ බෙල්ල – හෝමෝන
හෝමෝන අසමතුලිතතාවය නිසා බෙල්ල අවට කුරුලෑ ඇති වනවා. මේ සඳහා විසඳුමක් ලෙස එළවලු සහ පළතුරු ආහාරයට ගැනීම සහ කැෆේන් මෙන්ම ලුණු පරිභෝජනයෙන් වැලකී සිටීම හඳුන්වා දෙන්නට පුළුවන්.

මින් පසුව ඔබේ මුහුණේ කුරුලෑවක් දුටුවිට ප්‍රථමයෙන් කුරුලෑව සුව කිරීමට උත්සහා නොකර කුරුලෑව මගින් කියවෙන සෞඛ්‍ය තත්වය නිරීක්ෂණය කර ඒ පිළිබඳ පිළියම් යොදන්න.

(under the courtesy of hirutv.lk blog web)

More News »