Home / රූපලාවන්‍ය / මුහුණේ තියෙන බිලැක්හෙඩ්ස් නැති කරන අත්දුටු ප්‍රතිකර්මයක් මෙන්න

මුහුණේ තියෙන බිලැක්හෙඩ්ස් නැති කරන අත්දුටු ප්‍රතිකර්මයක් මෙන්න

2018-12-12 09:49:00       567
feature-top
පියකරු වතක සුන්දරත්වය කෙළසන තවත් එක් හතුරෙක් තමයි කරදරකාරී බ්ලැක්හෙඩ්ස් නොහොත් කලු ලප. සමේ ස්වාභාවිකව පිහිටි සියුම් සිදුරුවල සමේ ස්නේහස්‍රාවී ග්‍රන්ථීවල අධික ක්‍රියාකාරිත්වය නිසා ප්‍රමාණය ඉක්මවා නිපදවන තෙල් සහ ඒ මත ඇලෙන දුහුවිලිවලින් අවහිරවීමේ ප්‍රතිඵලයක් තමයි බිලැක්හෙඩ්ස් කියන්නේ. මේවායින් අත්මිදෙන්න නිවසේදීම කළ හැකි, සමටත් කිසිදු හානියක් නැති, ස්භාවික මෙන්ම 100%ක්ම ප්‍රතිඵදායක සත්කාර කිහිපයක් ගැනයි මේ.

හරිත තේ
විටමින් සහ ප්‍රතිඔක්සිකාරක බහුල හරිත තේ කියන්නේ බ්ලැක්හෙඩ්ස් හටගැනීමේ වැඩි ප්‍රවණතාවක් තියෙන කුරුළෑ සහ තෙල් අධික සමට හොදම සත්කාරයක්. මේ සදහා කළ යුත්තේ හරිත තේ බෑග් දෙකක් පැය දෙකක් පමණ උණු වතුරේ තැම්බෙන්නට හැර එය සිසිල් වු පසු ද්‍රාවණය කළු ලප සහිත ස්ථානවල හොදින් තැවරීමයි. එය වියැළෙන්නට හැර පසුව සිසිල් ජලයෙන් මුහුණ සෝදා දමන්න.

බිත්තර සුදු මදය
මුහුණෙු වන සියුම් දිදුරු තද කොට ඒවායේ සිරවී ඇති අපවිත්‍ර දෑ ඉවත් කිරීමට බිත්තර සුදු මදයට ඇත්තේ පුදුමාකාර හැකියාවක්. ඒ සදහා කරන්න තියෙන්නේ බිත්තර සුදු මද දෙකක් හොදින් ගසාගෙන, එම මිශ්‍රණය සිහින් තට්ටුවක් ලෙස කළු ලප මත ආලේප කිරීමයි. විනාඩි 10 – 15 ක් පමණ වියැළෙන්නට හැර, පසුව උණුසුම් වතුරින් සෝදා හරින්න.

කෝමාරිකා
රූපලාවණ්‍ය සත්කාරවලදී කෝමාරිකාවලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.වෙනත් ඕනෑම දෙයකට වගේම බ්ලැක්හෙඩ්ස්වලටත් එරෙහව සාර්ථක පුතිඵල ලබා දෙන කෝමාරිකා ජෙලයට සමේ වන කුඩා සිදුරු පිරිසිදු කිරීමේ විශිෂ්ඨ හැකියාවක් තියෙනවා. දිනපතා කෝමාරිකා ජෙලය බිලැක්හෙඩ්ස් මත ආලේප කර විනාඩි 15ක් පමණ තිබෙන්න හැර පිස්‍දා දැමීමෙන් සුදුසු වතක් ලබා ගන්න පුළුවන්.

(under the courtesy of hirutv.lk blog web)

More News »