Home / රූපලාවන්‍ය / ලස්සන දෙතොලක හිමිකාරිනියක් වෙන්න කැමතිනම් මෙන්න කියවන්න

ලස්සන දෙතොලක හිමිකාරිනියක් වෙන්න කැමතිනම් මෙන්න කියවන්න

2018-12-03 10:07:00       47
feature-top
දෙතොල කියන්නේ කාන්තාවකගේ සුන්දරත්වය වැඩිවීමට වැදගත්ම දෙයක්. බොහෝ කාන්තාවන් පීඩා විඳින ප්‍රශ්නයක් තමයි දෙතොල් පැලීම හා වියළි භාවයට පත්වීම. එමගින් දෙතොල් අවලස්සන කරනවා වගේම වේදනාවක් ඇති කරනවා.

මේ ලිපියෙන් කියවෙන්නේ මේ ගැටළුවලට විසඳුම් කිහිපයක්. ඒවා නිසියාකාරව පිළිපැද්දොත් ඔබටත් පුළුවන් ලස්සන දෙතොල් සඟලක හිමිකාරියක් වෙන්න.

1. දෙතොල් සැපීමෙන් වලකින්න

බොහෝ දෙනා තොල් වියලි භාවයට පත්වූ පසු කරන්නේ දෙතොල් සපමින් හම ගිය තැන වල සම ඉවත් කිරීමයි. මේ නිසා ඔබේ දෙතොල් තව තවත් තුවාල වෙනවා වගේම ඔබේ තොල් මත ඇති දෙතොල් වලට හිතකර ස්භාවික තෙල් ගතියත් ඉවත්ව යනවා.

2. මුහුණ සේදීමට පෙර දෙතොල්වල Lip Balm ටිකක් අලේප කරන්න

අප මුහුණ සේදීමට භාවිතා කරන සමහර සබන් සහ face wash වර්ග දෙතොල්වල ගෑවීමෙන් ඔබේ දෙතොල් වියළි භාවයට පත්විය හැකියි. මේ නිසා මුහුණ සේදීමට පෙර Lip Balm ස්වල්පයක් දෙතොල්වල අලේප කිරීමෙන් මේ තත්වය ඔබට මගහරවා ගත හැකියි.

3. රෝස වතුර සහ මීපැණි

රෝස වතුර මේස හැන්දකට මීපැණි මේස හැන්දක් එක් කිරීමෙන් සකස් කරගත් මිශ්‍රණය දිනපතා දෙතොල් මත ආලේප කිරීමෙන් ඔබට පැහැපත් සුන්දර වගේම නිරෝගී දෙතොලක් හිමිකරගත හැකියි.

4. එඩරු තෙල්

දවසට දෙතුන් වතාවක් එඩරු තෙල් දෙතොල් වල ආලේප කිරීම මගින් ඔබට දෙතොල් වියළි භාවයට පත්වීම වලක්වා ගත හැකියි. ඒ වගේම නින්දට යාමට පෙරත් මෙය දෙතොල් මත ආලේප කිරීමෙන් දෙතොල් වලට අවශ්‍ය තෙතමනය රාත්‍රී කාලය පුරාවටම ආරක්ෂා කර ගත හැකියි.

5. මී පැණි සහ සීනි මිශ්‍රණය

ඔබේ තොල් පැලී සම ගැලවී ඇත්නම් අතින් ඒවා ඉවත් කිරීමට නොයා මීපැණි බිංදු 3කට සීනි ස්වල්පයක් දමා සකස් කරගත් මිශ්‍රණය ආලේප කර සියුම්ව දෙතොල් පිරිමදිමින් ගැලවී ඇති සම ඉවත් කරන්න. මේ නිසා ඔබේ දෙතොල් වලට පෝෂණයක් ලැබෙනවා වගේම දෙතොල් ඉක්මනින්ම යථා තත්වයට පත්ව පැහැපත් පෙනුමක් ලබාදෙනවා.

6. නාසයෙන් හුස්ම ගන්න

මෙය බොහෝවිට බලපාන්නේ වියළි හා සීත කාලගුණයක් පවතින ප්‍රදේශවල ජීවත්වන අයටයි. ඔබ කටින් හුස්ම ගන්නවා කියන්නේ ඔබේ දෙතොල් ඉක්මනින් වියලි භාවයට පත්වෙන්න එය හේතුවක් වෙනවා. මේ නිසා නිතරම නාසයෙන් හුස්ම ගන්න.

(under the courtesy of hirutv.lk blog web)

More News »