Home / රූපලාවන්‍ය / දෑසේ රහස්

දෑසේ රහස්

2018-11-23 10:27:00       81
feature-top
කාන්තාවකගේ සුන්දරත්වය වඩාත් වැඩි කරන්න හේතු වෙන්නේ ඇයට හිමි දෙනෙතයි. ඇස් දෙක ලස්සනට පෙනෙන්න නම් ඝනව වැඩුණු කලු පාට ඇහි බැමි තියෙන්න ඕනේ.  මේ ඇහි බැමි සමහරුන්ට නම් උපතින්ම ඝනව පිහිටා තිඛෙනවා. ඒ වගේම තවත් කාන්තාවන්ගේ ඇහි බැමි එතරම් වර්ධනය නොවන අවස්ථාවන් දැක ගන්නත් පුලුවන්. කොහොම උනත් ඔබටත් පුලුවන් මේ සත්කාර කිහිපය අනුගමනය කළොත් ලස්සන, කලු පාට, ඝන ඇහි බැමි යුවලක හිමිකාරියක් වෙන්න.

පිරිසිදු එඩරු තෙල් පුලුන් කැබැල්ලක ගල්වා ඇහි බැමි මත ආලේප කිරීමෙන් පසු විනාඩි 2- 3ක් මෘදුව සම්බාහනය කර පැය භාගයකින් මද උණුවතුරෙන් සෝදා හරින්න. එහෙමත් නැත්තම් රාත්‍රි නිද්දට යාමට පෙර පොල්තෙල් ටිකක්ගෙන යාන්තමින් රත්කර ඇහි බැමි මත ආලේප කර පිරිමදින්න. පොල්තෙල් අහිතකර නොවන නිසා රාත්‍රිය පුරාම තියෙන්න හැර උදෑසන මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

ඇහි බැමි වර්ධනය කර ගැනීම සදහා බිත්තර කහ මදය භාවිතා කිරිමටත් පුලුවන්. මොයිස්චරයිසින් අඩංගු බිත්තර කහමදය හිසකෙස් සදහාත් කදිම සත්කාරයක්. ඇහි බැම සදහා බිත්තර කහමදය වෙනම ගෙන උකුවනතුරු හොදින් ගසා පුලුන් කැබැල්ලක ආධාරයෙන් ඇහිබැමි මත ආලේප කරන්න. මෙම ආලේපනය විනාඩි පහලොවක් පමණ තිඛෙන්නට හැර සීතල ජලයෙන් සෝදා හරින්න. මෙය සතියකට දෙවතාවක් කලොත් හිතාගන්නත් බැරි ඇහිබැමි යුවලක් ලැබේවී.

මීට අමතරව කෝමරිකා කැබැල්ලක් ගෙන එහි ජෙල් එක සුරා වෙන් කරගෙන එය පොඩිකර ඇහි බැමිමත ආලේප කර පිරිමැදීමත් හොද සත්කාරයක්. කෝමාරිකා කියන්නේ ඇහැට ඉතාමත් සිසිලසක් ගෙන දෙන ආලේපයක් වන අතර කෝමාරිකා ජෙල් එක සමග පොල්තෙල් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කලොත් වඩාත් හොද ප්‍රතිපල  ලබා ගන්න පුලුවන්. මේ ආලේපනයත් පැයභාගයකට පසු මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න අමතක කරන්න එපා.

ඇහි බැමි සහ හිසකෙස් ගැන කතා කරනවානම් ඔලිව් ඔයිල් ගැන කතා නොකරම බැහැ. ඒ තරම්ම ඔලිව් ඔයිල් පෝෂණ කාරකයක්. ඇහි බැමි ඝනව සහ කලුපාටට දීප්තිමත්ව වර්ධනය කර ගන්න නම් ඔලිව් ඔයිල් බින්දු කිහිපයක් රත්කර රාත්‍රි නින්දට පෙර ඇහිබැමි මත ආලේපකර පිරිමදින්න. රාත්‍රිය පුරාම එය ඇහි බැමිමත තිඛෙන්නට හැර උදෑසන මද උණුසුම් ජලයෙන් සෝදන්න.

(under the courtesy of hirutv.lk blog web)

More News »