Home / රූපලාවන්‍ය / කෝපිවලින් ලස්සන වෙන්නේ මෙහෙමයි.

කෝපිවලින් ලස්සන වෙන්නේ මෙහෙමයි.

2018-11-13 10:18:00       71
feature-top
කෝපි කියන්නේ අපේ රටේ හුඟක් දෙනා කැමති පානයක්. අපේ රටේ විතරක් නෙමෙයි, ලෝකෙම ගත්තත් කෝපි හුඟක් ජනප්‍රිය පානයක්.
කෝපි කියන්නේ බීමක් විතරද ? හිතන්නේ එහෙමනම් ඒ කෝපි කාලෙ මතය වෙනස් කරන්නයි මේ හදන්නේ.

කෝපිවලට පුලුවන් ඔබව ලස්සන කරන්න...

ස්නානය කරන්න...

සීනි රහිත කෝපි කෝප්පයක් සාදාගන්න. දැන් මේක නිවෙන්න තියන්න. ඔබ ස්නානය කරන වතුර එකට මේ කෝපි කෝප්පේ එකතු කරන්න.
පරිසර තත්ත්ව නිසා දුර්වර්ණ වුණු සම, යලි යථා තත්වෙට පත්කරගන්න මේ කෝපි ස්නානය වැදගත්.
ඒ වගේම හිසකෙස් ගොඩක් තුනී නම්, ඊළඟට නාන වෙලාව වෙනකම් කොන්ඩෙ ටිකක් ඝනකම් කරලා පෙන්වන්නත් මේ කෝපි ඔබට උදව් වෙයි.

ස්ක්‍රබ් එකක්

ස්වභාවික කෝපි කුඩු මේස හැන්දකට, සීනි තේ හැඳි තුනක්, ඔලිව්, පොල් හෝ ඔබ කැමති තෙල් තේ හැඳි තුනක් එකතු කරන්න. මේ මිශ්‍රණය, ඔබේ සම මත වක්‍රාකාරව පිරිමඳින්න.
අතේ වැලමිටි, දෙපයේ දණහිස් ආදී ස්ථානවලට වැඩි අවධානයක් යොමු කරන එක හොඳයි.
මැරුණු සම ඉවත් කරලා, සුන්දර සමක් මතු කරවන්න මේ ස්ක්‍රබ් එක නියමයි. ඒ වගේම හුඟක් ස්ක්‍රබ් වගේ සම වියලන්නෙත් නැති එක අමතර වාසියක්.

කෝපි ආලේපනය

මාස්ක්, එහෙමත් නැත්නම්, සමට ගුණ දෙන ආලේපනයක් හදාගන්නත් කෝපි ඔබට උදව් වෙනවා.
සියුම්ව කුඩු කරගත් කෝපි, කිරි ස්වල්පයක් එක්ක මිශ්‍ර කරලා තලපයක් සාදාගන්න.
දැන් පිරිසිදු කරගත් මුහුණ මත මෙය ආලේප කරන්න. විනාඩි තිහක කාලයක් මෙය මුහුණ මත තබාගෙන ඉන්න පුලුවන්නම්, පැහැදිලි සමක් ලබාගන්න හොඳ උදව්වක්.
ඒ විතරක් නෙමෙයි, මේ මිශ්‍රණයට බිත්තර සුදු මදයකුත් එකතු කරගත්තොත්, රැළි වැටෙන සම ආයෙත් තරුණ කරන්න හොඳ පිටිවහලකුත් ලැබෙනවා.

කෝපිවලින් පාද සත්කාරයක්

කෝපි ටිකක් හදාගන්න. මද උණුසුම් වතුරවලින් පිරවූ බේසමකට මේ කෝපි ටික එකතු කරන්න. දැන් ඔබේ දෙපා මේ බේසමේ ගිල්වාගෙන ඉන්න. විනාඩි දහයකට පස්සේ දෙපා ඉවතට අරන් පිසදා මොයිස්චරයිසර් ආලේප කරන්න.
දෙපා වියපත්වීම අඩු කරන්න මේ ක්‍රමේ උදව්වක්.

කෝපි බොන එකත් ඔබේ සමට යහපතක් කරනවා. හැබැයි, සීමාවක් ඇතුව කෝපි බොන්න. මොකද නැත්නම්, කැෆෙන් වැඩිවෙලා ඔබේ මොලය දිගින් දිගටම අවදියෙන් ඉන්න එක කොහෙත්ම හොඳ දෙයක් නොවන නිසා.



(under the courtesy of hirutv.lk blog web)

More News »