Home / රූපලාවන්‍ය / දෑත් ලස්සන කරන සත්කාර

දෑත් ලස්සන කරන සත්කාර

2018-11-10 10:56:00       47
feature-top
නිතරම වතුර පාවිචුචියත් සමඟ රසායනික සබන් වැනි ද්‍රව්‍යයන් දෑත්වල ස්පර්ශ වෙන නිසා මුහුණට වඩා ඔබේ දෑත්වලින් අවපැහැ වියපත් බවක් පේන්නට පුළුවන්. මේ නිසා අවපැහැ වුණු ඔබේ දෑතට පිරිපුන් පැහැපත් බවක් ගෙන දෙන මේ සත්කාර ඔබට කදිම පිළියමක් වේවි.

නිතර දහදිය දමන දෑතට

විටමින් ඩී ඌනතා ඇති වීමෙන් සිරුරේ ග්‍රන්තීවලද යම් යම් වෙනස් වීම් සිදු වෙයි. දෑත් නිතර තෙත් වෙමින් දහදිය දමන්නේද මේ හේතුවෙනි. ඉඳහිට හෝ කොලොන් ස්වල්පයක් දෑත්වල තවරා ගැනීමෙන් මේ තත්ත්වය තරමක් දුරට සමනය කරගත හැකිය.

දෑත්වල රළු බවක් හා සම ඉරිතළා යෑමක් වැනි ලක්ෂණ මතු වන්නේද විටමින් ඩී ඌනතා ඇති වීමෙනි. දාස් තෙියා මල්වලින් කරන මේ සත්කාරය වියළි දෑතට ගෙන නේනේ තෙතමනය හා කදිම පෝෂණයකි. දාස් පෙතියා මල් හොදින් තළා යුෂ ගෙන තල තෙල් සමඟ මිශ්‍ර කර දෑත්වල ගල්වා හොඳින් සම්බාහනය කරන්න. එඬරු තෙල්ද වියළි දෑතට කදිම සත්කාරයක්.

සීතලට අත් ඉදිමීම

අධික සීතලට ඇතැම් අයගේ දෑත් ඉදිමුණු ස්භාවයක් පෙන්වයි. මෙවැනි දෑතකට තල තෙල් හෝ එඬරු තෙල් ගල්වා සම්භාහනය කිරීමෙන් මනා සුවයක් ලැබිය හැකිය. මේ සමඟම මඳ රස්නේ ජලයෙන් තැවීමෙන්ද ඉදිමීම පහසුවෙන්ම සුව කරගත හැකියි.

රසායනික ද්‍රව්‍යයන්ගෙන් අත්වලට හානී වීම

සබන් හා වෙනත් සේදුම්කාරක ද්‍රව්‍යයන් නිතර අත්වල ස්පර්ශ වීමෙන් දෑත්වලට හානි වෙයි. දෑත්වල වියපත් හා අවපැහැය ස්භාවයටත් රසායන ද්‍රව්‍යයන්ගෙන් බලපෑම් ඇති කරවයි.

කෝමාරිකා යුෂයට මුං ඇට පිටි හා දෙහි ස්වල්පයක් මිශ්‍ර කර සකසා ගන්නා මේ පැක් එක සබන්වල අඩංගු රසායනික විස නසන කදිම සත්කාරයකි.

ශක්තිමත් නිය ‍පෙළකට

ඉක්මනින් කැඩී යන නියපොතු ඇති ඔබට මේ සත්කාරය පහසුවෙන්ම නිවසේදීම කර ගන්න පුළුවන්. රත් කළ ඔලිව් ඔයිල් තෙල් ස්වල්පයක් ගෙ නිය මත ගල්වා සියුම්ව සම්භාහනය කරන්න. ඔලිව් තෙල් බිංදු කීපයක් මිශ්‍ර කරගත් ජලයේ නියපොතු බහා විනාඩි 20ක් පමණ සිටින්න.නිය අග වියළීම හා කැඩි යාම පාලනයටත් මේ සත්කාරය කදිම පිළියමක්. පැහැපත් සුන්දර නිය පෙළක් හිමි කර ගන්නට නිය පෙළ බුරුසුවකින් මැද ඉන් අනතුරුව දෙහි කැබැල්ලකින් පිරිමැදිය හැකියි.




(under the courtesy of hirutv.lk blog web)

More News »