Home / රූපලාවන්‍ය / නියපොතු ආරක්ෂා කර ගැනීමට කල යුතු හා නොකල යුතු දේවල් මෙන්න

නියපොතු ආරක්ෂා කර ගැනීමට කල යුතු හා නොකල යුතු දේවල් මෙන්න

2018-04-02 10:41:00       547
feature-top
තරුණියන්ගේ සුන්දරත්වය වැඩි කරන තවත් දේහ ලක්ෂණයක් තමයි නියපොතු කියන්නේ. විශේෂයෙන්ම දෑත්වල නියපොතු කාගෙත් අවධානයට ලක්වෙන අවස්ථාව වැඩිවේ. නියපොතු ලස්සනට තියගැනීම සඳහා ඔබ කලයුතු සත්කාර කිහිපයක් පිළිබඳවයි මේ ලිපියෙන් කියවෙන්නේ.

01. නියපොතු වියළිව සහ පිරිසිදුව නියපොතු තබාගැනීම

මෙයින් ඔයාගේ නියපොතු ඇතුළේ බැක්ටීරියා වර්ග වර්ධනය වීම වළක්වනවා.වැඩි වශයෙන් වතුර භාවිතා කිරීමෙන් ඔයාගේ නියපොතු ඉක්මනින් කැඩී යාමට මෙන්ම හානියට ද පත්විය හැකියි.ඒ නිසා සැර අධික රසායන ද්‍රව්‍යවලින් යුතු දේවල් භාවිතයේදී, පිරිසිදු කිරීම් කටයුතු වලදී හෝ භාජන ආදිය සේදීමේදී සුදුසු වර්ගයේ රබර් ග්ලවුස් භාවිතා කිරීම වැදගත්.

02. නියපොතු යහපත් තත්වයේ සනීපාරක්ෂක කටයුතු වලින් රැකගැනීම

නියපොතු කැපීමේදී තියුණු නැතිනම් හොඳින් මුවහත් කල කතුරක් හෝ නියපොතු කටර් එකක් භාවිතා කරන්න.පළමුවෙන්ම නියපොත්ත කෙළින් අතට එකවර කපන්න.පසුව ඔබට අවශ්ය හැඩයට දෙකොන හැඩකරගන්න.

03. මොයිස්චරයිසර් භාවිතය

ඔයා හෑන්ඩ් ලෝෂන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් නියපොතු මුලට මෙන්ම නියපොතු ඇතුළටත් ලෝෂන් එක තැවරෙන පරිදි තවරන්න.

04. නියපොතු ආරක්ෂක ද්‍රාවණ ආලේපය

නියපොතු ආරක්ෂක ද්‍රාවණ ආලේපයකින් ඔයාගේ නියපොතු වඩා ශක්තිමත් කරගන්න පුළුවන්.

මීට අමතරව නියපොතු රැක ගැනීම සඳහා ඔබ නොකළ යුතු දේවල් කිහිපයක් පිළිබඳව පහතින්.

01. නියපොතු හැපීම

නියපොතු හැපීමබොහෝදෙනෙක් පුරුදු වෙලා සිටින දෙයක්. ඒ වුනත් හරිම නරක පුරුද්දක්.මෙයින් ඔයාගේ නියපොතු ඇතුළතින්ම හානියට පත්වෙන්න පුළුවන්.ඔයා දන්නවාද? නියපොත්තක එක් කුඩා කොනකින් ඇතිවන සිදුරකින් පවා ඒ අභ්‍යන්තරයට විෂබීජ හෝ වෙනත් බැක්ටීරියාවන්ට ගමන් කරන්න පුළුවන්.ඒ නිසා ඉන් සිදුවන හානිය නම් සුළුවෙන් සලකන්න බැහැ.

02. නියපොතු කොනේ සම ඇදීම

මේකත් බොහෝ දෙනා කරන වරදක්.නියපොත්තේ කොනේම ඇති සම තීරුවක් ලෙස ඇදීම බොහෝදෙනා පුරුද්දක් විදියට සිදුකරනවා.එයින් නියපොත්තේ සමට දැඩිව හානි සිදුවෙන්න පුළුවන්.

03. ගැටළු නොසලකා හැරීම

ඔයාටත් නියපොතු සම්බන්ධයෙන් මොනා හරි ගැටළුවක් තියෙනවානම්,එය නොසලකා ඉන්න එපා.කල්ගතවුනත් සුවයක් ලැබුනේ නැතිනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. (උදාහරණ: ඉදිමුමක්, පලූ‍ද්දක්, අසාමාන්‍යය පැහැයක් හෝ හැඩයක් වැනි)

04. කටුක නිය ආරක්ෂණ නිෂ්පාදන භාවිතාකිරීම

නිය ආලේපන ඉවත්කිරීම් දියර නැතිනම් කියුටෙක්ස් රිමුවර් භාවිතය සීමා කරන්න. රිමුවර් එකක් පාවිච්චි කරනවානම්,ඇසිටෝන් රහිත උසස් තත්වයේ රිමුවර් එකක් පාවිච්චි කරන්න.



(under the courtesy of hirutv.lk blog web)

More News »