Home / රූපලාවන්‍ය / ඔබත් ඇඟ පිහිදාන තුවායෙන්ම මුහුණත් පිසදමනවද?

ඔබත් ඇඟ පිහිදාන තුවායෙන්ම මුහුණත් පිසදමනවද?

2018-03-09 10:59:00       361
feature-top
ඔයාලටත් තියෙනවද ඇඟ පිහදමන තුවායෙන්ම මුහුණත් පිසදමන පුරුද්ද?
හොඳයි , කොච්චර දවසකට සැරයක් ඔබ නාන තුවාය හෝදනවද? ඔයාගේ නාන තුවයෙන් පිස දමන තැන් කොතරම්ද? කොන්ඩේ, පිටිපස්ස , කකුල් ? ඒත් එක්කම ඔබ දන්නවද නාන කාමරයක ඇති තෙත තුවායක් කියන්නේ විෂබීජ වලට වැඩෙන්න හොඳ බිමක් කියල?

ඉතින් මූණ හෝදලා පිසදමන්න, පොඩි තුවායක් වෙනම භාවිතා කරනවා කියන්නේ ඇත්තටම බුද්ධිමත් අදහසක්. විෂබීජ මූනේ තවරා නොගැනීම කියන්නේ මුහුණේ ඇතිවන කුරුලෑ වගේ ආසාධන වලින් බේරෙන්න හොඳම විදියක්.

ඇතැම් තරුණියෝ මුහුණ පිස දැමීම සඳහා පේපර් ටිෂු පාවිච්චි කරන අවස්ථාවන් තිබෙනවා. එයත් හොඳ ක්‍රමයක්. එමගින් මූනේ සම නිරෝගීව තබා ගන්නට ලොකු උපකාරයක් ලැබෙනවා.

මූණ හෝදන්න වෙනම ලොකු තුවායක් නොවේ, කුඩා hand towel එකක් පාවිච්චි කිරීම වඩා හොඳයි. එය දින දෙකකට වරක්වත් පහසුවෙන් සෝදා, අවුවේ වෙලා පිරිසිදු කර ගන්න පුළුවන්. මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න කුඩා තුවා දෙකක් තබා ගන්න. ඒක පහසුවක්.

ඒ වගේම මුහුණ මස් පිඬු පහලට තදින් අතුල්ලලා පිස දමන එක සුදුසු නැහැ. තුවාය මුහුණට ලං කර පරිස්සමෙන් තෙත මාත්තු කිරීම තමයි නිවැරදි ක්‍රමය. මේ උපදෙස් පිළිපැදල ඔබේ මුහුණත් නිරෝගීව, ලස්සනට තියා ගන්න උත්සහ දරන්න.

(under the courtesy of hirutv.lk blog web)

More News »