Home / රූපලාවන්‍ය / නීරෝගීමත් දිගු වරලසක් හිමිකර ගන්න කැමතිද? එහෙනම් දැන්ම කියවන්න

නීරෝගීමත් දිගු වරලසක් හිමිකර ගන්න කැමතිද? එහෙනම් දැන්ම කියවන්න

2018-03-05 10:27:00       557
feature-top
පීදුණු කිතුල් මලක්‌ සේ දිගැති කෙස්‌ කළඹක්‌ ඇති යුවතියක්‌ සිය වරලස නිසාම අන් අයගේ ආකර්ෂණය දිනා ගන්නීය. නමුත් වර්තමානයේ එවැනි දිගු කෙස්‌ කළඹක්‌ සහිත යුවතියක්‌ දැක ගැනීම අසීරුය.

වෛද්‍යතුමනි, දිගු කෙස්‌ කළඹක්‌ සහිත යුවතියක්‌ වර්තමානයේ දැක ගැනීම අසීරුවීම ඔබ දකින හේතු මොනවාද?

යුවතියකගේ පංච කළ්‍යාණියට අයත් ප්‍රධානම අංගය තමයි කේශ කල්‍යාණිය. එනම් දිගු වරලස. දිගු වරලසක්‌ යෑයි කියා පැවැසුවේ අඩියක්‌ දෙකක්‌ දිගු වරලසක්‌ නොවෙයි. අඩුම වශයෙන් අඩි 4 ක්‌ වත් දිගු කෙස්‌ කළඹක්‌ තිබීමයි.

මෙවැනි කෙස්‌ කළඹක්‌ ලබා ගැනීම ලෙහෙසියෙන් සිදුකළ නොහැකියි. ඒ සම්බන්ධව සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇයගේ නාඩි ක්‍රියාකාරිත්වයද ඉතා හොඳින් සිදුවිය යුතු බවයි.

එවිට ඇයගේ හෝමෝනවල ක්‍රියාකාරිත්වයද හොඳින් සිදුවී හිසෙහි ඇති කේශ මූල හොඳින් ක්‍රියාකාරවී දිගු කෙස්‌ වර්ධනය වීමට පටන් ගන්නවා.

එසේම දිගු කෙස්‌ කළඹක්‌ ලබා ගැනීමට ඇයගේ පෙර කුසල්ද බලපානවා. එම කුසල්වලට දෙමාපියන්ගේ ක්‍රියාකාරකම් ද එක්‌වූ විට එම කුසල්වල බලය තවත් වැඩිවෙනවා.

වර්තමානයේ දිගු කෙස්‌ කළඹ සහිත යුවතියක්‌ දැකීම අසීරු වීමට බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ දරුවන්ගේ කුසල් තිබුණත් දෙමාපියන්ගේ කුසල්වල ඇති දුර්වල බව නිසා දරුවන්ගේ කුසල්වල බලපෑම හීනවී ඇති බවකි. එය තවදුරටත් පැහැදිලි කරවා නම් වර්තමානයේ දියණියක්‌ ලැබුණුවිට දමොපියන් අවධානය වැඩිපුර යොදවන්නේ දියණියගේ නිරෝගී බව වැඩි දියුණු කිරීම සහ දියණිය සතු කාන්තා ලක්‌ෂණ හෙවත් පංච කල්‍යාණය වැඩි දියුණු කිරීමට නෙමෙයි. මොන පාසලටද දාන්නෙ. මොන විෂයයන් වලින්ද ඉදිරියට යන්නේ කියාය.

එනිසා අද පාසල් යන බොහෝ දියණියන්ගේ හිස බොහොම අපිරිසිදුයි. උකුණන් පිරිලා හිසේ සම දිරා ගොස්‌ ගැලවී යනවා. හිසකෙස්‌ දුර්වල වෙනවා. හිස පීරනවිට කෙස්‌ ගැලවී යනවා.

වෛද්‍යතුමනි, වර්තමාන යුවතියගේ හිසකෙස්‌ නිරෝගීව රැක ගැනීමට ගත හැකි පියවර මොනවාද?

ඒ සඳහා පළමුව එම දියණියගේ දෙමාපියන්ගේ දරුවාට නිසි පෝෂණය ලබාදිය යුතුයි. වෛද්‍ය උපදෙස්‌ මත දියණියට කහට ගෙඩි මැල්ලුමක්‌ හෝ වෑංජනයක්‌, කෝමාරිකා වෑංජනයක්‌, රතු පොකුරු වඳමල් තැම්බූ පානයක්‌. අලිගැටපේර දලුවලින් සාදාගත් කැඳ වර්ගයක්‌ පානයට දීමෙන් නිරෝගී කෙස්‌ කළඹක්‌ ඇතිකරගත හැකියි.

දියණියන්ගේ හිසේ ඇතිවන උකුණන් ලේ`ඩින් නැතිකර ගැනීමටත්, හිසෙහි මතුපිට සම ඉක්‌මනින් දිරාපත්වී කුඩා කැබලි ලෙස ගැලවී යැම වළක්‌වා ගැනීමට හිසෙහි ගැල්වීමට පැරණි බෙහෙත් වට්‌ටෝරුවක්‌ තිබෙනවා.

කීකිරිදිය, වැල්පෙනෙල, හාතවාරිය, සැවැන්දරා, අගිල්, කොටකිඹුල ගෙඩි සහ කොළ. අට්‌ටික්‌කා ගෙඩි සහ කොළ, කුරුඳු මුල් සහ කොළ, වෙනිවැල්ගැට මුල් සහ දඬු සමසේ ගෙන වියළා පිටි බවට කුඩුකරගෙන ඉන් මේස හැඳි දෙකක්‌ ළිං ජලය හෝ දික්‌ භාජනයක බහාලු නළ ජලය සමඟ මිශ්‍ර කර තල තෙල්, ඔලිව් තෙල් හෝ කොහොඹ තෙල් මිශ්‍රකර සාදාගත් ආලේපය හිස ගල්වා විනාඩි 30 කට පමණ පසු හොඳින් ස්‌නානය කිරීමට ගුණදායකයි.

මෙම හිස ආලේපයන් ගැල්විය යුත්තේ නිසි වෛද්‍ය උපදෙස්‌ අනුවයි. වයස අවුරුදු 10 ට අඩු දියණියන්ට මෙම ආලේපය ගැල්වීම සුදුසු නැහැ.

සෑම දියණියක්‌ම හිස කෙස්‌ රැක ගැනීමට උත්සාහ කරනවා නම් කිසිම මොහොතක හිසකෙස්‌ ඉතා තදින් ඇද කොණ්‌ඩය බැඳීම නොකළ යුතුයි. එය හිස කෙස්‌වල මුල්වලට හානි කරයි. එසේ වූවිට දිග හිසකෙස්‌ වර්ධනය වන්නේ නැහැ. අඩියක්‌ දෙකක්‌ වර්ධනය වනවිට ගැලවී යනවා.

(under the courtesy of hirutv.lk blog web)

More News »