Home / රූපලාවන්‍ය / ලප කැළැල්වලින් තොර පැහැපත් සමක් ලබාගැනීමට පහසු ක්‍රම කිහිපයක්

ලප කැළැල්වලින් තොර පැහැපත් සමක් ලබාගැනීමට පහසු ක්‍රම කිහිපයක්

2018-02-02 09:34:00       360
feature-top
තරුණියක් හැමවිටම උත්සහ කරන්නේ සුදු මෙන්ම පැහැපත් සමක් ලබාගන්නයි. ඒ නිසාම විවිධ වර්ගයේ ආලේපන භාවිතා කිරිමට දැන් කාලයේ තරුණියන් පෙළඹිලා කියන දේ නම් කවුරුත් දන්නා රහසක්. ලප කැළැල් වලින් තොර සුදු පැහැපත් සමක් ලබාගන්න ඔබට භාවිතා කල හැකි face mask කිහිපයක් පිළිබඳවයි මෙම ලිපියෙන් කියවෙන්නේ.

01. ගස්ලබු සහ ලෙමන්

සම පැහැපත් කර ගන්න ගස්ලබු හොඳ විසඳුමක්. ගස්ලබු වල ඇති ඇල්ෆා-හයිඩ්රෝක්සයිඩ් අම්ලය සමෙහි මැරුණු සෛල ඉවත් කරනවා. ඒ වගේම සමේ රැලි වැටීම් අවම කරනවා. ලෙමන් වලින් සම පිරිසිදු කරනවා. හොඳින් බ්ලෙන්ඩර් කර ගත් ඉදුණු ගස්ලබු කෝප්ප භාගයකට ලෙමන් යුෂ තේ හැඳි 2ක් 3ක් එකතු කර මුහුණේ ආලේප කර වියලෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

02. කොකෝවා පවුඩර් සහ පොල්තෙල්

කොකෝවා කුඩු සමේ සෛල අලුත්වැඩියා කිරීමට වගේම, සම පැහැපත් කරන්න උදවු වෙනවා. ඒ වගේම තරුණ පෙනුම රැක ගන්නත් පුළුවන්. පොල් තෙල් කියන්නෙත් සමට හොඳ මොයිස්චරයිසර් එකක්. ඒ වගේම සම පෝෂණයත් කරනවා. කොකෝවා කුඩු තේ හැඳි දෙකකට පිරිසිදු පොල් තෙල් මේස හැන්ද්දක් එකතු කර මුහුණේ සහ බෙල්ල වටා ආලේප කර මෘදුව සම්භාහනය කරන්න. විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න. සතියට දෙවරක් පමණ try කරන්න.

03. ග්‍රීන් ටි සහ මී පැණි

පාවිච්චි කරපු ග්‍රීන් ටි බෑග් මින් පස්සේ විසි කරන්න එපා. භාවිතා කරන ලද ග්‍රීන් ටී බෑගයෙන් තේ මණ්ඩි ටික පිටතට අරගෙන එයට මි පැණි තේ හැඳි 2ක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 5ක් පමණ සෙමින් සම්භාහනය කරන්න. තවත් විනාඩි කිහිපයක් තියෙන්නට හැර ඉවත් කරන්න. ග්‍රීන් ටී වලින් මුහුණේ ඇති අඳුරු පැහැති බව ඉවත් කර ගන්නත් මි පැණි වලින් සමට පෝෂණය හා තෙතමනය ලබා දෙන්නත් පුළුවන්.

04. කෝමාරිකා සහ ග්‍රීන් ටී

කෝමාරිකා කියන්නේ සමට ඉතා හිතකර අමුද්‍රව්‍යක්. සමේ තෙතමනය ආරක්ෂා කරමින් ලප කැළැල් අවම කරනවා. ග්‍රීන් ටී ප්‍රතිඔක්සිකාරක වලින් යුක්තයි. සම වයස්ගත වීම අවම කර මුහුණේ සමට පැහැපත් පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම මේ අමුද්‍රව්‍ය දෙකම දෙකම කුරුලෑ වලට එරෙහිව සටන් කරනවා. කෝමාරිකා මද තේ හැඳි 4ක් ග්‍රීන් ටී තේ හැඳි 3ක් එක්ක හොඳින් බ්ලෙන්ඩර් කර පිරිසිදු කර ගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 15කින් ඉවත් කරන්න. දිනපතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.

(under the courtesy of hirutv.lk blog web)

More News »