Home / රූපලාවන්‍ය / සම පැහැපත් කරගන්න පුළුවන් පහසුම හා නිවැරදි ක්‍රමයක් මෙන්න

සම පැහැපත් කරගන්න පුළුවන් පහසුම හා නිවැරදි ක්‍රමයක් මෙන්න

2017-12-19 10:54:00       216
feature-top
ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙකු කැමති පැහැපත්ව හා ලස්සනට ඉන්නයි. එහෙම ලස්සනට ඉන්න ඕනේනම් ඔබ කලයුත්තේ ලප කැළැල්වලින් තොරව සම ආරක්ෂා කර ගැනීමයි.

ඒ විදියට සම පැහැපත් කරගන්න බාහිරින් කෘතීම ආලේපනවලින් කරන සත්කාරවලට වඩා අභ්‍යන්තර පෝෂණය ලබාදීම වැදගත් වෙනවා. මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබේ සම පැහැපත් කරන ආහාර කිහිපයක් පිළිබඳවයි. දෛනිකව මෙම ආහාර ඔබ ලබාගන්නේ නම් ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබාදී සම වියලීම වළකා තරුණ බව රැකදෙනවා.

01. මී කිරි

මී කිරි වල ගොඩක්ම තියෙන්නේ කැල්සියම් වුනාට මී කිරි වලට ඉතා සාර්ථකව ඔබේ මුහුණ සුදු කරන්න පුලුවන්. ඒ වගේම මුහුණේ තෙතමනය නියම ගානට පවත්වා ගෙන එහි අඩංගු ලැක්ටික් ඇසිඩ් මගින් මුහුණට නව පෙනුමක් ලබා දෙනවා.

02. දොඩම්

දොඩම් වල ගොඩක් තියෙන්නේ විටමින් c. දොඩම් මගින් මුහුණේ සමට නව පෙනුමක් ලැඛෙනවා. ඒ වගේම දොඩම් වල සමේ අලුත් සෛල නිෂ්පාදනය වේගවත් කරන්න පුළුවන් රසායනිකයන් අඩංගුයි. ඒ නිසා ඔබට දීප්තිමත් මලානික නොවූ සමක් ලබා ගන්න පුළුවන්

03. ගස්ලබු

ගස්ලබු වල විටමින් වර්ග විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඊට අමවතරව විටමින් A හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් රසායනිකයන් රැසකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුහුණේ තියෙන කුරුලෑ ලප කැළැල් ටිකත් අයින් කර ගන්න පුළුවන්. ගස්ලබු කන්න අකමැති අයට ජූස් විදියට ගස්ලබු ආහාරයට එකතු කර ගන්න පුළුවන්.

04. අර්තාපල්

අර්තාපල් වල ස්වාභාවික බ්ලිචින් අඩංගුයි. ඒ මඟින් සම පැහැපත් කරනවා. අතාපල් ආහාරයට ගන්න ගමන්ම අමු අර්තාපල් පෙති මුහුණ මත තියන් ඉදලා මුහුණ හෙමිට මසාජ් කර ගන්න පුළුවන් නම් ඒ මඟිනුත් මුහුණේ තියෙන අදුරු ලප කැළැල් ඉවත් කර ගෙන මුහුණට නව දීප්තියක් ලබා ගන්න ඔයාට පුළුවන් වේවි.


05. Green Tea

Green Tea සමට ගොඩක් වැදගත් පෝෂණයක් සපයන ඖෂධිය පානයක්. මෙ මගින් සමේ හිරු එලිය නිසා සිදුවන කළු වීම්, ලප කැළැල් වගේ දේවල් ඉවත් කරමින් සම පැහැපත් කරනවා.

06. බීට්රූට්

බීට්රූට් කියන්නේ සම අතුලතටමගමන් කර සම පිරිසුදු කරන්න පුළුවන් පිරිසිදුකාරකයක් වගේම යකඩ හා විටමින් රාශියක් අඩංගු ආහාරයක්. මේ තුලින් ඔබේ රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. රුධිර සංසරණය ක්‍රමවත් කරනවා කියන්නේ ඔයා නිරෝගී වෙනවා කියන එක. බීට්රූට් ආහාරයට එඅතු කර ගන්නවාට අමතරව මුහුණට පැක් එකක් ලෙස භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම හොදින් බ්ලෙන්ඩර් කරලා යුෂ විදියට පානය කරන්නත් පුළුවන්.

07. ගෝවා මල්

ගෝවා මල් ගොඩක් රසවත් ආහාරයක්. ඒ වගේම විටමින් වර්ග රැසකින් පිරිපුන්. ඒ මඟින් සම නිරෝගී කරනවා. ඒ වගේම ගෝවා මල් වල ශරීරයේ තියෙන විෂ නසන ගුණයන් අඩංගුයි. ඉතින් මේ ඔක්කොම ටික එකට එකතු වෙලා වැඩ කරන කොට අපිට පැහැපත් සමක් හා නිරෝගී කෙස් කළඹක් නිරායාසයෙන්ම ලැඛෙනවා.

08. කටු සහිත මාළු

කුඩා මාළු වල අඩංගු ඔමේගා 3 සමට ඉතා වැදගත් මේද අම්ලයක්. ඒ වගේම මාළු වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ සමස්ත ශරීරයේම නිරෝගී බාවයට හේතු වනවා වගේම මේ තුලින් අපිට පැහැපත් දිදුළන සමක් ලබා දෙනවා. විශේෂයෙන් පොඩි මාළු, කුඩා කටු සහිත මාළු ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්නවා නම් ගොඩක්ම හොදයි.



(under the courtesy of hirutv.lk blog web)

More News »