Home / රූපලාවන්‍ය / දෙපා ලස්සන කරගන්න නිවසේදීම කළ හැකි සත්කාර

දෙපා ලස්සන කරගන්න නිවසේදීම කළ හැකි සත්කාර

2017-11-07 09:33:00       116
feature-top
කකුල් දැමිය හැකි මට්ටමේ බේසමක් ගෙන එයට මඳ රස්නය ඇති උණු වතුර ටිකක් දමා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (hydregeon peroxide) 2% ප්‍රමාණයක් එක්කරන්න.. මේ වෙනුවට ඔබට සබන් වර්ගයක් හෝ ඩෙ‍ටෝල් වැනි විෂබීජ නාශකයක් වුවද භාවිත කළ හැකිය.
    මේ බේසමට ඔබේ දෙපා දමා මෘදු brush එකකින් හොඳින් brush කළ යුතුයි. මෙය පටන් ගන්නේ යටි පතුලේ සිටයි. යටි පතුලේ සිට දණහිස ගාවට වනතුරුම මේ brush එකින් අතුල්ලා හොඳින් පිරිසුදු කරගත යුතුයි.
    ඉන්පසු තුවායක් ගෙන දෙපා තෙත මාත්තු කරගත යුතුයි.
    තෙත මාත්තු කරගත් පසුව නියපොතුවල කියුටෙක්ස් ආදිය ආලේප කර තිබුණේ නම් ඒවා ඉවත්කර ගැනීම කළ යුතුයි. කියුටෙක්ස් නේල් පොලිෂ් ආදිය ඉවත් කරනවානම් ඔබ කළ යුත්තේ පළමුවෙන්ම වම් කකුලේ කුඩා ඇඟිල්ලේ සිට ඉදිරියට එය කරගෙන ඒමයි.
    නේල් පොලිෂ් ආදිය ඉවත්කර ගත් පසු නැවත වතාවක් මඳ උණුසුම් ජලයට ඔබේ දෙපා බහා තැබිය යුතුයි. මෙවර විනාඩි 10 ක් වැනි කාලයක් උණුසුම් ජලයේ දෙපා බහාගෙන සිට කකුල් දෙක හොඳින් පෙ‍ඟෙන්න ඉඩ හරින්න.
    විනාඩි 10 න් පසු වම් කකුල බේසමෙන් ඉවතට ගෙන ඔබ වෙළෙඳපළෙන් මිලදී ගත් foot scraper එක ආධාර කරගෙන යටි පතුලේ මැරුණු සම ඉවත් කර ගන්න. මේ තෙරපීම ඔබ හැම විටම කළ යුත්තේ මධ්‍යම පීඩනයකින්ය. මේ මාර්ගයෙන් යටි පතුලේ ගොරෝසු හම, ගල් තැලුම් ඇතිනම් ඒවා ඉවත් වී සියුමැලි ස්වභාවයක් ගනීවි.
    ඉන්පසු නැවත වතාවක් වතුර බේසමට දෙපය දමා හොඳින් සෝදා ගන්න. දැන් වතුර බේසමෙන් එය ඉවතට ගෙන තුවායකින් හොඳින් පිසදමන්න.ඉන්පසු ඔබ අලුතින් නිය ආලේපන ආලේප කරනවානම් ඒක කළ හැකියි. එසේ නොමැතිනම් දෙපා scrub එකක් කර පැහැපත් කර ගත හැකියි.

නිවසේදීම තනා ගත හැකි foot scrub එකක්

මේ සඳහා හීනියට කුඩු කරගත් ලුණු කැට, සීනි, පෙරා ගත් වැලි ආදිය භාවිත කළ හැකියි. මේවා ක්‍රීම් ස්වල්පයක් සමඟ මිශ්‍රකොට කකුලේ තවරා සියුම්ව පිරිමැදීමෙන් ස්ක්‍රබ් කර ගත හැකියි. එසේ නොමැතිනම් කෝමාරිකා මදය සමඟ වෙනිවැල් ගැට කුඩු, සුදු හඳුන් කුඩු, කොකුම් පොතු කුඩු ආදිය මිශ්‍රකර දෙපයේ තවරා scrub එකක් හැටියට පාවිච්චි කළ හැකියි.

මෙසේ සකසා ගත් scrub එක දෙපතුලේ සිට දණහිස තෙක්ම තවරා ගත යුතුයි. ඉන් පසු සියුම්ව සම්බාහනය කරමින් දෙපයේ මැරුණු සම ඉවත් කර ගත හැකියි.

(under the courtesy of rasagossip.lk web)

More News »