Home / රූපලාවන්‍ය / කාන්තාවකගේ ආකර්ෂණීයත්වය වැඩි වෙන්නේ මෙන්න මෙහෙමයි

කාන්තාවකගේ ආකර්ෂණීයත්වය වැඩි වෙන්නේ මෙන්න මෙහෙමයි

2017-10-31 10:27:00       172
feature-top
ආකර්ෂණීයත්වය යනු පැහැපත් සමක්, සුන්දර මුහුණක්, වටිනා ආභරණ, වටිනා ඇඳුම් පැළඳුම් ආදී දේවල් වලින් පමණක් තීරණය වන දෙයක් යැයි බහුතරය විශ්වාස කරනවා. සම සුදු පැහැ ගන්වන ආලේපන වලට අද ශ්‍රී ලංකාව තුල මෙතරම් ඉල්ලුමක් තිබෙන්නේ ආකර්ෂණීයත්වය රැඳී ඇත්තේ සුදු පැහැති සමකයැයි බොහෝ දෙනා සිතාගෙන සිටින නිසා. නමුත් ඇත්තටම කාන්තාවකගේ ආකර්ෂණීය බව තීරණය වන්නේ කෙසේද?? ඇඳුම්, පැළඳුම්, පෙනුමට අමතරව ඇය සතුව පවතින ආකල්ප, හැසිරීම් රටා හා ශක්තීන් ආදී මේ සියල්ලම ආකර්ෂණීයත්වය තීරණය කිරීමට හේතු වනවා. පහත දැක්වෙන්නේ කාන්තාවක් සතුවිය යුතු එවන් දෑ කිහිපයක්.
තමා පිලිබඳ ඇති විශ්වාසය

තමා කවරෙක්ද  යන්න අවබෝධයක් ඔබ සතුව තිබිය යුතුයි. ඔබ සතුව ඇති දක්ෂතා, දුර්වලතා ආදී මේ සියළුම දෑ පිලිබඳ මනා අවබෝධයක් ඔබ සතු විය යුතුයි. අගනාකම්, ධනාත්මක ආකල්ප, ඔබ විසින්ම තනාගෙන ඇති ඔබේ ජීවිතය පිලිබඳ නීති රීති මේ ආදී සියල්ලක්ම ඔබේ ආකර්ශනීයත්වය වඩා ඔප් නැංවීමට සමත් වනවා. අනුන් මත නොයැපී සමාජය තුල ‘හිස සෘජුව තබාගෙන’ ඔබට ජීවත්විය හැක්කේ එවිටයි.
විනෝදකාමී බව සහ අභියෝගවලට මුහුණ දීමට ඇති කැමැත්ත

අලුත් දේවල් අත්හදා බැලීමට හෝ ඒවා පිළිගැනීමට, විමසා බැලීමට ඔබට හැකිවිය යුතුයි. අලුත් දේවල් පිළිබද ඉගෙන ගැනීමට ඔබ බිය නොවිය යුතුයි. මෙයින් ඔබේ ජීවිතය රසවත් වනවා පමණක් නොව අන් අයට ඔබ හා කාලය ගත කිරීමටද ආශාවක් ඇතිවනවා.
ලාලිත්‍යය

කාන්තාවක් ලෙස උපතේදීම ඔබට ලැබී ඇති ලාලිත්‍ය පවත්වාගැනීමට ඔබ දරන උත්සාහය මගින් ඔබ අන්‍යන්ගේ ආකර්ෂණයට ලක්වෙනවා. මේ සඳහා වටිනා ඇඳුම් පැළඳුම්, ආභරණ ආදියට වඩා අවශ්‍ය වන්නේ තමන්ට ගැලපෙන ආකාරයට විලාසිතා කිරීම පිලිබඳ ඔබ සතුව ඇති දැනුමයි. තැනට සුදුසු ලෙස ඇඳුම් ඇඳීම, හැසිරීම ආදී මේ සියල්ලම මීට අයත්.
බුද්ධිමත් බව

සමාජය ගැන, අවට ලෝකය ගැන ඔබ දැන සිටිය යුතුමයි. ඔබ හා කතා බැහැ කිරීමට අන්‍යයන් ප්‍රිය කරන්නේ එසේ වූ විටයි. අධ්‍යාපනය, බුද්ධිමත් බව මේ දේවල් කාන්තාවකට වටිනා ආභරණ වනවා.
සුහද බව හා මිත්‍රශීලී බව

අවට සමාජය හා ගණුදෙනු කිරීමට හා සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට මේ කාරණා දෙක අනිවාර්යයෙන්ම බලපානවා.
කුඩා දරුවන් හා හැසිරෙන ආකාරය.

පුරුෂ පාර්ශවයේ ආකර්ෂණය දිනා ගැනීමට මෙය විශාල හේතුවක් වනවා. මොකද ඔවුන් සියලු දෙනාම අනාගතයේදී හොඳ පවුල් ජීවිතයක් හා යහපත් පියවරුන් වීමට දැඩි ආශාවක් දක්වන නිසා.

(under the courtesy of rasagossip.lk web)

More News »