Home / රූපලාවන්‍ය / අත් යට කළු වීම ඉවත් කරන විශ්මිත වට්ටෝරු 3ක්

අත් යට කළු වීම ඉවත් කරන විශ්මිත වට්ටෝරු 3ක්

2017-10-19 09:47:00       208
feature-top
ඔබට කුමන අවස්තාවකදී හෝ අත් එසවීමට සිදු වූ විට ඔබ අපහසුතාවයට පත් වෙනවාද? නැතිනම් ඔබ අත් නැති ඇදුමක් ඇදීමට බොහෝ සේ කැමති වුවද එසේ කිරීමට හැකියාවක් නැතිද? එසේ වීමට හේතුව ඔබගේ අත් යට කිහිලි ප්‍රදේශය අව පහ ගැන්වී තිබීම නේද?

සපයා ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට මෙම ප්‍රශ්නයෙන් මිදී පැහැපත් සමක් අත්යට කිහිලි ප්‍රදේශයේද ඇති කර ගත හැක. අත් යට කිහිලි ප්‍රදේශයේ අදුරු පැහැ ගැන්වීම් ඉවත් කර ගත හැකි වට්ටෝරු සහ උපදෙස්.

ඇපල් සයිඩර් විනාකිරි
ඉහත කී තත්වය මගහරවා ගැනීමට ඇපල් සයිඩර් විනෙගාර් ප්‍රත්‍යක්ෂ විසදුමක් වේ. ඇපල් සයිඩර් විනෙගාර් ගෙන අදුරු පැහැ ගැන්වී ඇති ප්‍රදේශයේ ආලේප කරන්න. මිනිත්තු 5ක් පමණ තියන්න. ඉන් පසු පුළුන් කැබැල්ලක් ගෙන පිස දමන්න. සෝදන්න එපා.

අර්තාපල්
ඔබගේ අදුරු පැහැ ගැන්වුණු කිහිලි ප්‍රදේශ පිරිසිදු කිරීමට අර්තාපල් ද උදව් කර ගත හැක. අර්තාපල් ගෙන බ්ලෙන්ඩරයක උදව්වෙන් අබරා ගන්න. මෙසේ අබරා ගෙන සාදා ගත් මිශ්‍රණය අදුරු පැහැ ප්‍රදේශ වල ආලේප කර විනාඩි 30ක් පමණ තියෙන්නට හැර ජලයෙන් සෝදා හරින්න.

බේකින් සෝඩා
බේකින් සෝඩා යොදා ගන කරන ප්‍රතිකාරයෙන් ඔබට ඉතාමත් හොද ප්‍රතිඵල අත් කර ගත හැක. බේකින් සෝඩා ජලය සමග මිශ්‍ර කර ගන්න. මිශ්‍රණය ඔබගේ අදුරු පැහැ කිහිලි වල ආලේප කරන්න මිනිත්තු 10-15ත් අතර ප්‍රමාණයක් තබන්න. ඉන් පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

(under the courtesy of rasagossip.lk web)

More News »