Home / රූපලාවන්‍ය / නා දළු පැහැ දෙතොලක් ඔබටත්

නා දළු පැහැ දෙතොලක් ඔබටත්

2017-10-18 09:22:00       180
feature-top
ගැහැණු පිරිමි බේදයකින් තොරව අපි හැමෝම කැමතියි රෝස පැහැති සුමුදු දෙතොලක් අපිට තියෙනවා නම්. දෙතොල අව පැහැ නැත්නම් කළු පැහැ ගැන්වුනාම කළු  ඒකෙන් මුහුණටත් ලොකු අඳුරු ගතියක් එනවා. මුහුණ කොයිතරම් පැහැපත් වුනත්, කොච්චර සුදු වුනත් තොල් දෙක කළුයි නම් මුහුණට වඩා ඉක්මනින් දෙතොල පෙනෙන්නට තමයි පේන්නෙ.

ඇත්තටම තොල් කළු වෙන්න මොනවද බලපාන හේතු? ඒකට හේතු ගොඩාක් තියනවා. අව්වට පිච්චීම, බාල වර්ගයේ ලිප්ස්ටික් භාවිතය, ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීම, සිගරට් බීම, බුලත්විට කෑම, කාලගුණය, කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම, රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු නොවීම, අවශ්‍ය පමණට වතුර නොබීම වගේම මානසික ආතතියත් දෙතොල් අවපැහැයට බලපානවා.

මේ මොන දේ වුනත් අපි දෙතොලට හොඳින් සත්කාර කරනවා නම් එය මගහරවා ගන්න පුළුවන්. ඒකට දරාගන්න බැරි ප්‍රමාණයේ මුදලක් වියදම් කරන්නට අවශ්‍ය නැහැ. ගෙදර තියෙන දේවල්වලින්ම ඒකට හොඳ විසඳුමක් ලබාන්න පුළුවන්. ඒ තුළින් ඔබට අවශ්‍ය දෙතොලක් ඔබටත් ලැබේවි.
 
පිපිඤ්ඤා සත්කාරය

පිපිඤ්ඤා සිහින්ව කපා ගෙන තොල් උඩ තියාගන්න. එහි දියර ගතිය තොල්වලට හොඳන් උරාගන්න  ඉඩ හරින්න. විනාඩි 5ක් පමණ තැබීම ප්‍රමාණවත්. මෙය දිනපතාම කළොත් තොල්වල තියෙන අඳුරු ගතිය අඩුවෙලා රෝස පැහැති තොල් දෙකක් ලබාගන්න පුළුවන්.
දෙහි සහ සීනි සත්කාරය

මෙයට අවශ්‍ය වෙන්නේ දෙහි ගෙඩියක් හා සීනි ටිකක් පමණයි. ලෙමන් ගෙඩිය පෙති කපාගෙන එය මතට සීනි ඉසින්න. එය තොල් මත සිහින්ව අතුල්ලමින් scrub කරන්න.

දෙහි කියන්නෙ ස්වභාවික බ්ලීච් එකක්. ඒකෙන් තොල් දෙකේ පාට, ලා පැහැ වෙනවා. ඒ වගේම සීනිවල තියෙන රළු ගතිය නිසා තොල් දෙකේ තියෙන මැරුණු සම ඉවත් වෙනවා. මේ නිසා තොල් දෙක හොඳින් සිනිඳු වෙනවා.

මෙය හැමදාම නින්දට පෙර කළ හැකි නම්, ලොකු වෙනසක් පෙනේවි. අත්හදා බලන්න.
ටූත් පේස්ට්  සත්කාරය

ඹබ පුදුම වේවි. එත් ඔබ එදිනෙදා දත් මදින්න පාවිච්චිකරන ටූත් පේස්ට් එකෙනුත් දෙතොලට සත්කාර කරන්න පුළුවන්. මෙම ක්‍රමය නම් හරිම ලේසියි. මොකද අපි හැමෝම හැමදාම දත් මදිනවනේ.

දත් මැද්දට පස්සේ හෙමින් සැරේ තොල උඩ tooth brush එකෙන් හෙමින් පිරිමදින්න. නමුත් හරිම සියුම්ව තමයි මෙය කළ යුත්තේ. නැත්නම් තොල් තුවාල වෙන්න පුළුවන්.

ඒ වගේම external layer එක (පිටස්තර ස්ථරය) අපි අතින් අයින් වෙන්න පුළුවන්. එයින් වෙන්නේ තොල් තවත් කළු වීමයි. ඒ නිසා මෙය ඉතාම සියුම්ව කරලා බලන්න.

ඒ වෙලාවෙම ඔයාලට තේරෙයි තොල්දෙක හොඳට scrub වෙලා කියලා. ඊට පස්සේ කැමති නම් වැස්ලින් ටිකක් හරි ලිප් බාම් එකක් හරි තොල් දෙකේ ගාන්න පුළුවන්. මේක හැම තිස්සෙම කරන්න එපා. සතියට දෙවරක් කරලා බලන්න.
මී පැණි, ආමන්ඩ් ඔයිල් සහ සීනි සත්කාරය

මී පැණි, ආමන්ඩ් හෝ ඔලිව් තෙල්වලට සීනි මිශ්‍ර කරගන්න.

එම මිශ්‍රණය  ඇඟිලි තුඩට ගෙන හොඳින් තොල් මත තවරන්න. පසුව රවුම් හැඩයට ඇඟිලි තුඩු මතින් දෙතොල massage කරන්න. විනාඩි 10ක් පමණ මෙසේ massage කර සෝදා හරින්න. ඉන්පසුව ඔබට දෙතොලේ වෙනස වටහාගන්න පුළුවන්.
දෙතොලට ඉතාම වැදගත් කරුණු කිහිපයක්

 අපි හැමෝගෙම තොල්වල සිබම් (sebum) කියලා තෙල් වර්ගයක් ස්වභාවිකවම තියනවා. එත් ඒක තියෙන්නෙ හරිම අඩු ප්‍රමාණයක්.ඒ නිසා අපේ දෙතොල නිතරම වියළි ස්වබාවයක තමයි පවතින්නේ. ඒ නිසා අපි නිතරම අපේ තොල්වලට moisturizing ක්‍රීම් එකක් ගැල්විය යුතුයි.
 
එළියට යන විට, ‍‍ පෙට්‍රෝලියම් ජෙලි [petroleum jelly] වැස්ලින් හෝ ලිප් බාම් එකක් පාවිච්චි කළ යුතුමයි. නිවස තුළ සිටින විට cocoa butter වැනි ක්‍රීම් එකක් සුදුසුයි. කෙසේ හෝ දෙතොල මත තෙතමනය නිතරම පැවතීය යුතුයි.

බෙහෝ කාන්තාවන්ගේ දෙතොල් කළු වීමට බලපාන ප්‍රධානම හේතුව තමයි මේක් අප් හරිහැටි ඉවත් නොකිරීම.
නින්දට පෙර cleanser එකකින් නැත්නම් පුළුං කෑල්ලක්ට ආමන්ඩ් හෝ ඔලිව් ඔයිල් හෝ වැස්ලින් හෝ තවරා දෙතොල හොඳින් massage කර make up  ඉවත්කල යුතුයි.

අපේ මුහුණ  කෙතරම් පිරිසිදු කලත් අපි උදේ ඉඳලා ගාගෙන හිටපු ලිප්ස්ටික්, කාපු කෑම, බීපු පාට පාට බීම ඔය සේරම දේවල් තොල්වල රැඳිල තියනවා. ඒ නිසා නින්දට පෙර ඒ සියල්ල ඉවත්කර ගත යුතුමයි.

මේ සත්කාර දෙතොලට අතහදා බලා රෝස පැහැති සුසිනිඳු දෙතොලක් ඔබ සතු කරගන්න. සැබැවින්ම නාදළු පැහැති දෙතොලක් ඔබටත් ලැබේවි.



(under the courtesy of rasagossip.lk web)

More News »