Home / රූපලාවන්‍ය / ඔබට ඕනෑ ලස්සන වෙන්න නම්

ඔබට ඕනෑ ලස්සන වෙන්න නම්

2017-08-21 10:41:00       691
feature-top
සම සුදු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන කිසිදු ද්‍රව්‍යයකින් හානියකින් තොරව සමසුදු කරගැනීමේ හැකියාවක් නැත. සම සුදු කරන ආලේපනයන්හි අන්තර්ගත රසායන ද්‍රව්‍ය සම මත ප්‍රතික්‍රියා කොට සමට හානි කරයි.

ඔබට ඕනෑ ලස්සන වෙන්න නම් ඔබේ සම පිරිසුදුව තබා ගත යුතුයි. ඒ සඳහා ස්නානය වැදගත්ය. ස්නානයේදී සම පිරිසුදු කරගත හැකි කොළ වර්ග හෝ වෙනිවැල් තම්බා ඇඟ පිරිසුදු කර ගත හැකිය. එසේ නොමැති නම් මෘදු සබන් වර්ගයක් භාවිතය සුදුසුය. ඇඟ ඇතිල්ලීමේ දී මෘදු පිරිමැදීමක් ප්‍රමාණවත්ය. ඉන් රුධිරය සම මතුපිටට පැමිණ සම දීප්තිමත් කරයි. සම පැහැපත් කරයි. ඉන් ඔබේ රුව වැඩේ.

සම මතුපිට ආලේප ගැල්වීමට අපි කැමැත්තෙමු. ස‍මේ දීප්තිය, තෙතමනය රැකගැනීමට ‍හෝ වියලි බව සඟවා ගැනීම සඳහාය. රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන දිගු වේලාවක් සම මතුපිට තබා ගැනීම සමට මෙන්ම ශරිර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ටද හානි කර බව ඔබ දනී. ඇතැම්හු ශරීරයෙහි ගැල්වූ ඇලේපන නිසි ලෙස ඉවත් නොකොට නින්දට යාමට හුරුවී සිටිති. පසුදින අවදිව දිය නා පිරිසුදු වී යළි ආලේප ගල්වාගෙන රාජකාරී සදහා පිට ටත්ව යති. ඉන් සමට වාතයට ඇතුලුවීම ඇති ඉඩ සීමාවේ. ඉන් සමේ ක්‍රියාකාරීත්තවයට හානි පමුණුවයි. සම මත ඇති අත්‍යාවශ්‍ය සහජීවන බැක්ටීරියා විනාශවී සමේ ආරක්ෂාවට බිඳවැටේ . සම පිරිසුදු කරගැනීම සඳහා භාවිත කරනු ලබන විෂබීජ නාශක සබන් වර්ග හේතුවෙන් ද සමේ ඇති සහජීවන බැක්ටීරියා විනාශ වී යයි. සම ඉක්මනින් රෝගීවීමට එයද හේතුවකි. විෂබීජ නාශක සහිත සබන් වර්ග භාවිතය සමට අහිතකර බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වන විට පිළිගත් කරුණවේ. ආයුර්වේද මතය අනුව සම අධිකලෙස තෙත් කිරීම මෙන්ම නිතර සෝදා වියලි සමක් බවට පත් කිරීම ද නොකළ යුතුය. සම ස්වාභාවික තත්තවයේ පවත්වා ගැනීම සඳහා සමේ ආරක්ෂාව සඳහා වැඩෙන ස්වභාවික බැක්ටීරියා අනවශ්‍ය ලෙස ඉවත් කිරීම නොකළ යුතුය.

සම සුදු කර ගැනීමට වර්තමානයේ තරුණ තරුණියෝ විවිධ උපක්‍රම යොදති. විවිධ ආ‍ලේපන ගල්වති. සම සුදු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන කිසිදු ද්‍රව්‍යයකින් හානියකින් තොරව සමසුදු කරගැනීමේ හැකියාවක් නැත. එසේ තිබුණා නම් අප්‍රිකානු රටවල වැසියෝ මෙතරම් පීඩා විඳිමින් කලු දුඹුරු වර්ණයෙන් යුතු සමක් ආරක්ෂා නොකරනු ඇත. සම සුදු කරන්නෙ යැයි සඳහන් ආලේපනයන්ගේ ලේබලය කියැවීමට ඔබ උනන්දු විය යුතුය. එම ආලේපනයන්හි අන්තර්ගත බැර ‍ලෝර ලෝහ වර්ග සම හරහා සිරුරට ඇතුළු වූ පසු නැවත සිරුරින් බැහැර නොවේ. එම බැර ලෝහ පෙරා ඉවත් කිරීමට වකුගඩු සමත් නොවන බැවින් එම ද්‍රව්‍ය තැම්පත් විමෙන් ක්‍රමයෙන් වකුගඩු රෝගීවේ. එය ඔබා ගේ නීරෝගි බව නැති කරයි. ඊට පෙර එම ආලේපනයන්හි අන්තර්ගත රසායන ද්‍රව්‍ය සම මත ප්‍රතික්‍රියා කොට සමට හානි කරයි.

දිළිසෙන ආලේපන ද්‍රව්‍ය සමේ ආලේප කිරීම යොග්‍ය නොවේ. ඒවායෙහි අන්තර්ගත ලෙඩ් (ඊයම්) බැර ලෝහයකි. දිළිසීම අඩු ආලේපන භාවිතය මගින් ආලේපන භාවිතයෙන් වන හානි අවම කර ගත හැකිවේ.

හොඳ සමක් අපේක්ෂා කරන්නේ නම් ඔබ ගන්නා ආහාර වේලෙහි රස හයම අන්තර්ගත විය යුතුයි. ඒකාකාරී ආහාර වේලකින් වැලැකී සිටීම සමේ නීරෝගී භාවයට බෙහෙවින් හේතුවේ. සමේ පැහැපත් බව වැඩිකර ගැනීම සඳහා කොළ ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය ය. කොළ ආහාරයට ගනිද්දී පොල් මිශ්‍ර කර ආහාර සකසාගත යුතුවේ.

සම පැහැපත් කරගැනීමට නම් විටමින් A, D, K, E, අඩංගු ආහාර ගත යුතුය. මේ විටමින් වර්ග තෙල්වල දිය වේ. වර්තමානයේ ආහාර සැකසීමට අධික තෙල් ප්‍රමාණයක් භාවිත කිරීම හා ගැඹුරු තෙලේ ආහාර පිසීම හේතුවෙන් ආහාර ද්‍රව්‍යයන්හි අඩංගු මේ විටමින් වර්ග තෙල් හා මුසුව ශරීරයේ පෝෂණයට එක් නොවී අපතේ යයි. එබැවින් ආහාර සැකැසීමේදී අවම තෙල් ප්‍රමාණයක් භාවිතා කිරිම වැදගත්වේ.

ඔබගේ ආහාර හා ඇවැතුම් පැවැතුම් හේතුවෙන් රුධිරයට විෂ සාන්ද්‍රණ එකතුවේ. එය සමේ වර්ණවත් බවට හානිපමුණුවයි. ඒ සඳහා රක්ත ශෝධනය කළ යුතුය. රක්තශෝධනය සඳහා පොකුරු වදමල් උණුවතුරට දමා තැම්බුණු පසු මල ඉවත් කොට එයට සීනී හා දෙහි යුෂ ස්වල්පයක් ද දමා පානයකිරීම සුදුසුවේ.

නෙල්ලි‍- රසකිඳ තේ වෙනුවට පානය සමේ නිරෝගී බවට උපකාරයකි. දවස‍කට නෙල්ලි ගෙඩියක් ආහරයට ගැනීම හෝ නෙල්ලි ස්වල්පයක් තම්බා බීම මගින් සමේ තරුණ බව රැක ගැනීමටත්, සම රැළිවැටීම වළක්වාගැනීමටත් සමේ වයස් ගත පෙනුම ඉවත් කර ගැනීමටත් හැකිය.

ඉරමුසු, පොල්පලා, රණවරා ආදිය යම් ද්‍රව්‍යක් අමතරව පිපාසය සංසිඳවා ගැනිම සඳහා දිනකට වරක් දෙවක් පානය කිරීමෙන් රුධිරය පිරිසුදු වී සම පැහැපත් හා නීරෝගී කරයි. රණවරා මල් හා පොතු තම්බා බීමෙන් හමේ නීරෝගී බවට මෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමට ද උපකාරීවේ.‍ බොන්න කී පමණින් මේ කිසිදු ද්‍රව්‍යක් මුට්ටි ගණන් තම්බා පානය නොකළ යුතුය. දිනකට එක් ද්‍රව්‍යක් තම්බා පිපාසය සංසිඳවා ගැනීමට පානය කිරීම යෝග්‍ය වේ.

සුදු හඳුන් හම පිරිසුදු කර ගැනීමට මෙන්ම සමේ වර්ණය පැහැය වඩවා ගැනීමට ද උපකාරීවේ. සුදුහඳුන් කුඩු දෙහි ඇඹුල් ස්වල්පයක් සමග මුහු‍ණේ හා සමේ අලේප කිරීමෙන් සම පැහැපත් කර ගත හැකිවේ. සමට මෘදු සබන් වර්ගයක් භාවිත කිරීම හා මුහුණ පිරිමැදීමේ දී හා පිරිසුදු කිරීමේ දී සුළැඟිල්ල හා වෙදඟිල්ල භාවිත කිරී මුහුණේ සම ප්‍රබෝධමත් කිරිමට උපකාරීවේ.

රුව වඩවා ගැනීමට ගත පමණක් නොව සිත ද පිරිසිදුව තබා ගත යුතුය. ඔබේ චිත්ත පාරිශුද්ධිය උදෙසා සිත සංසුන් කර ගැනීම වැදගත් වේ. ඒ සඳහා ඔබ කරන ඕනෑම කටයුත්තක් ඒ කෙරෙහිම වධානය යොමු කරමින් කරන්න. අනෙකා කෙරෙහි ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ සිතිවිලි ඇති කර නොගැනිමට සිතන්න. ඔබේ සිතිවිලි ඔබේ මුහුණෙන් පිළිඹිබු වේ. එය මුහුණේ සම සුදු කරගත් පමණින් හෝ ආලේප ගල්වා ගත් පමණින් වසා ගත නොහැක.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »