Home / රූපලාවන්‍ය / ලස්සන, පැහැපත් මුහුණකට පුංචි ප්‍රතිකර්ම

ලස්සන, පැහැපත් මුහුණකට පුංචි ප්‍රතිකර්ම

2017-08-06 10:02:00       692
feature-top
ලස්සන වෙන්න කවුරුත් කැමති නමුත් මහන්සි වෙන්න නම් අකමැතියි. මුදල් වැඩියෙන් වියදම් වීමත් ගැටළුවක්. මෙම පුංචි ප්‍රතිකර්ම කිහිපය ඊට කදිම විසඳුමක් වේවි

පොල් වතුරින් මුහුණ සේදීම – පැරණි ගෘහනියන් අතර ජනප්‍රියම ප්‍රතිකර්මයකි. පොල් වතුරින් මුණ සෝදා ඒ වතුර මුනෙම වියැලෙන තුරු විනාඩි 20ක් විතර සිටින්න.පොල් වතුර වලට මුහුණේ මැරුණු සම ඉවත් කරලා මුහුණ පැහැපත් කරන්නට හැකියාවක් තිබෙනවා.

දෙහි යුෂ වලින් මුහුණ සේදීම – දෙහි බෑයක් මිරිකා එයට මිරිකූ දෙහි යුෂ ප්‍රමාණයට සමාන වතුර ප්‍රමාණයක් එකතු කර පුළුන් කැබැල්ලකින් මුහුණේ හොදින් අලේප කරන්න. එය විනාඩි 20ක් පමණ තබන්න. එම කාළය තුලදී ඉර එළියට නිරාවරණය නොවීම වඩාත් සුදුසුයි. ඉන් සම හානි වන්නට පුළුවන්. විනාඩි 20න් පසු මද උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න. දෙහි යනු ප්‍රබල විෂබිජ නාශකයක්. එසේම දෙහි වල අඩංගු වන alpha-hydroxy කියන අම්ලය මගින් මුහුණේ  මැරුණු සම හොදින් ඉවත් කර මුහුණ සුදු කරනවා. සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකර්ම කිරීමෙන් වඩාත් හොද ප්‍රතිපල ගන්න පුළුවන්.

මුහුණේ කොමාරිකා යුෂ ආලේප කිරීම – කෝමාරිකා යුෂ මුහුණේ ගාල විනාඩි 20ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න. කෝමාරිකා වල ඇති anthraquinone නම් සන්ඝටකය මඟින් සමේ මැරුණු සෛල ඉවත් කර මුහුණ පැහැපත් කරයි.

අල පෙත්තක් මුහුණේ ආලේප කිරීම – අල ගෙඩියක් හීනියට පෙති කපා ඔබේ මුහුණේ අලේප කරන්න. සෙමින් කවාකාරව ඔබේ සමේ අල පෙත්ත අතුල්ලන්න. අල වල ඇති විටමින් C නිසා මුහුණ පැහැපත් වීම සිදුවේ.

පිපිංඤ්ඤා පෙති මුහුණේ ආලේප කිරීම – පිපිංඤ්ඤා පෙති මුහුණේ ගා පෙති දෙකක් මුහුණ උඩ තබාගෙන සිටීම වඩාත් සුදුසුයි. එය හොදටම වියළුණු පසුව මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න. මෙය සතියකට කීප වතාවක් කරන්න.

මෙවැනි පුචි පුංචි ප්‍රතිකර්ම කිරීම මඟින් ඔබට පුළුවන් ස්වාභාවිකම ලෙහෙසි පහසුවෙන්ම අඩුවියදමින් පැහැපත් සුන්දර මුහුණක් ලබාගන්න.


(under the courtesy of goodhousekeeping.lk web)

More News »